Header

Sri Lanka Army

Defender of the Nation

21st October 2020 11:15:13 Hours

තවත් කොවිඩ් - 19 ආසාදිතයින් 186 දෙනෙකු සොයාගත් බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි

අද (21) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 186ක් හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් 186 දෙනා අතරින් පුද්ගලයින් 06 දෙනෙකු විදේශයන්හි සිට මෙරටට පැමිණ නිරෝධායන මධ්‍යස්ථාන තුලදී හඳුනාගත් පුද්ගලයින් වන අතර ඔවුන් අතරින් ජපානයේ සිට මෙරටට පැමිණ මිරිස්ස මන්දාරා රිසෝට් නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායන කටයුතු වල නිරතව සිටි පුද්ගලයින් 03 ක්, කටාර් සිට පැමිණ පැල්වෙහෙර නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායන කටයුතු වල නිරතව සිටි එක් පුද්ගලයෙකු (01) සහ රුසියාවේ සිට පැමිණ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකා නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායන කටයුතු වල නිරතව සිටි පුද්ගලයින් දෙදෙනෙකු (02) වශයෙන් වාර්ථා වේ. එසේම, දේශීයව හඳුනාගත් පුද්ගලයින් 180 දෙනෙකු සිටින අතර, ඔවුන් සියලුදෙනා මිනුවන්ගොඩ ඇඟළුම් කම්හලේ සේවය කරන පුද්ගලයින්ගේ ආශ්‍රිතයින් වේ.

මිනුවන්ගොඩ ඇගළුම් කම්හලේ කොවිඩ් පොකුරේ අද (21) දින උදෑසන වන විට සම්පූර්ණ ආසාදිතයින් සංඛ්‍යාව 2,344 දෙනෙකු වේ. ඉන් පුද්ගලයින් 1,041 දෙනෙකු එම ඇඟලුම් කම්හලේ සේවකයන් වන අතර අනෙක් පුද්ගලයින් 1,303 දෙනා එම කම්හලේ සේවකයන් ළඟින් ඇසුරු කළ පුද්ගලයින් වේ.

අද (21) දින උදෑසන වනවිට කිසිදු ගුවන් යානයක් මෙරටට පැමිණ නොමැත.

අද (21) දිනය තුළදී ද ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුලින් පුද්ගලයින් 510 ක් තම නිරෝධායන කටයුතු අවසන් කර නිවෙස් වෙත පිටත්ව යාමට නියමිතව ඇත. ඒ අනුව, නිපුන බූස්ස නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයින් 13 ක්, බියගම විලේජ් නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයින් 15 ක්,ගුවන්තොටුපල වින්ග් හබ් නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයින් 05 ක්, කොග්ගල රිසෝට් නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයින් 25 ක්, පෙරියකාඩු නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයින් 14 ක්, පම්පේමඩු නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයින් 25 ක්, බ්‍රැන්ඩික්ස් පූනානි නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයින් 257 ක්, සීගිරි විලේජ් නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයින් 145 ක්, හොටෙල් ජෙට්වින් බ්ලූ නිරෝධායන මධ්‍යස්ථානයෙන් එක් පුද්ගලයෙක් (01) සහ කැම්ලට් බීච් නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයින් 10ක් වශයෙන් වේ.

අද (21) දිනය වනවිට පුද්ගලයින් 55,432 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර තම නිවෙස් වෙත පිටව ගොස් ඇත. එසේම, අද (21) දිනය වනවිට ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 74 ක් තුළ (යුද්ධ හමුදාවෙන් පාලනය වන නිරෝධායන මධ්‍යස්ථාන - 63, නාවික හමුදාවෙන් පාලනය වන නිරෝධායන මධ්‍යස්ථාන - 07 සහ ගුවන් හමුදාවෙන් පාලනය වන නිරෝධායන මධ්‍යස්ථාන - 04) පුද්ගලයින් 8,323 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටියි. ඊයේ (20) දිනය තුලදී PCR පරික්‍ෂණ 8,021 ක් සිදුකර ඇති අතර, මේ වනවිට ශ්‍රී ලංකාව තුළ PCR පරික්‍ෂණ 398,196 ප්‍රමාණයක් සිදුකර ඇත.

අද (21) දින උදෑසන 0600 වනවිට පුද්ගලයින් 17ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇති අතර, එම පුද්ගලයින් 17 දෙනා අතරින් 03 දෙනෙක් විදේශිය රටවලින් මෙරටට පැමිණ නිරෝධායන කටයුතු වල නිරතව සිටි පුද්ගලයින් වන අතර, ඉතිරි 14 දෙනා මිනුවන්ගොඩ ඇඟළුම් කම්හලේ කොවිඩ් - 19 ආසාදිත පොකුරට අයත් පුද්ගලයින් ලෙස වාර්ථා වේ. Best Sneakers | Nike Running