Header

Sri Lanka Army

Defender of the Nation

11th October 2020 10:50:02 Hours

නිල උසස්වීම් ලද සේනාංකාධිපතිතුමන්ව 11වන සේනාංකයේදී උණුසුම් අයුරින් පිළිගනී

මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබූ 11 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සාරධ සමරකෝන් ඉකුත් සඳුදා (12) දින පල්ලේකැලේ පිහිටි එම සේනාංක මූලස්ථානයේදී උණුසුම් ලෙස පිළිගැණුනි.

නිල උසස්වීම් ලද සේනාංකාධිපතිතුමන් වෙත සේනාංකයේ භටපිරිස් විසින් කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනැමීමෙන් අනතුරුව සම්මාන මුරයේ ගෞරවාචාරය ද ලබාදුන්හ.

ඉන් අනතුරුව, මෙම අවස්ථාව සංකේතවත් කරමින් සේනාංකාධිපතිතුමන් කඳවුරු පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කළේය.

මෙම අවස්ථාව සඳහා එම සේනාංකය යටතේ සේවයේ නියුතු බලසේනාධිපතිවරුන්, මාණ්ඩලික නිලධාරින්, අණදෙන නිලධාරින්, නිලධාරින් සහ සෙසු නිලයින් රැසක් ද එක් වූහ. Asics shoes | Asics Onitsuka Tiger