Header

Sri Lanka Army

Defender of the Nation

13th October 2020 11:09:27 Hours

වෛරසය ආසාදනය වූ දේශීය පුද්ගලයින් 90 දෙනෙකු හඳුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි

අද (13) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාව තුලින් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 92 ක් හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් 92 දෙනා අතරින් විදේශයන්හි සිට පැමිණි තුර්කි ජාතික පුද්ගලයින් 02 ක් වේ. ඔවුන් දෙදෙනා (02) සීදූව විරෙන්ටා ගාර්ඩ්න් හෝටල් නිරෝධායන මධ්‍යස්ථානය තුල නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් වාර්තා වේ. එසේම, දේශීයව හඳුනාගත් පුද්ගලයින් 90 ක් සිටින අතර, ඔවුන් සියලුදෙනා මිනුවන්ගොඩ ඇඟළුම් කම්හලේ සේවය කරන පුද්ගලයින් ළගින් ඇසුරු කළ පුද්ගලයින් වන බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

මිනුවන්ගොඩ ඇගළුම් කම්හලේ කොවිඩ් පොකුරේ අද (13) දින උදෑසන වන විට සම්පූර්ණ ආසාදිතයින් සංඛ්‍යාව 1,397 දෙනෙකු වේ.

අද (13) දින උදෑසන EY 264 දරණ මගී ගුවන් යානය මගින් අබුඩාබි සිට පුද්ගලයින් 08 ක් ද, QR 668 දරණ මගී ගුවන් යානය මගින් දෝහා කටාර් සිට පුද්ගලයින් 48 ක් සහ 6E 9034 දරණ මගී ගුවන් යානය මගින් ඉන්දියාවේ චෙන්නායි සිට පුද්ගලයින් 05 ක් මෙරටට පැමිණ ඇත. එසේ පැමි‍ණි පුද්ගලයින් සියළුදෙනා ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළ නිරෝධායන කටයුතු සඳහා යොමු කිරීමට කටයුතු සූදානම් කර ඇත.

අද (13) දිනය තුළදී ද ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුලින් පුද්ගලයින් 547 ක් තම නිරෝධායන කටයුතු අවසන් කර නිවෙස් වෙත පිටත්ව යාමට නියමිතව ඇත. ඒ අනුව, හොටෙල් ජෙට්වින් බ්ලූ නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයින් 04 ක් ද, හොටෙල් ජෙට්වින් බීච් නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයින් 55 ක් ද, ගල්කිස්ස හෝටල් නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයින් 02 ක් ද, හොටෙල් ඩොල්ෆින් නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයින් 54 ක් ද, ආයුර්වේද රාජගිරිය නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයින් 05 ක් ද, සිගිරි රිසෝට් දඹුල්ල නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයින් 116 ක් ද, හබරන සන්ෂයින් රිසෝට් නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයින් 52 ක් ද, ඉකෝ සර්ෆ් බෙන්තොට නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයින් 110 ක් ද, හොටෙල් අවානි බෙන්තොට නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයින් 134 ක් ද, නිපුන බූස්ස නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයින් 11 ක් සහ රුවල කල්පිටිය නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයින් 04 ක් වශයෙන් වේ.

අද (13) දිනය වනවිට පුද්ගලයින් 51,480 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර තම නිවෙස් වෙත පිටව ගොස් ඇත. එසේම, අද (13) දිනය වනවිට ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 90 ක් තුළ පුද්ගලයින් 10,281 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටියි. ඊයේ (12) දිනය තුලදී PCR පරික්‍ෂණ 6648 ක් සිදුකර ඇති අතර, මේ වනවිට ශ්‍රී ලංකාව තුළ PCR පරික්‍ෂණ 335,752 ප්‍රමාණයක් සිදුකර ඇත.

අද (13) දින උදෑසන 0600 වනවිට පුද්ගලයින් 10 ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර, එම පුද්ගලයින් 10 දෙනා විදේශිය රටවලින් මෙරටට පැමිණ නිරෝධායන කටයුතු වල නිරතව සිටි පුද්ගලයින් ලෙස වාර්ථා වේ. affiliate link trace | Air Jordan 1 Mid "Bling" Releasing for Women - Pochta