Header

Sri Lanka Army

Defender of the Nation

11th October 2020 09:50:10 Hours

සංඥා බලකායේ නිලධාරීන් තිදෙනෙකු නිලධාරි ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානයේ පාඨමාලා තුනක ප්‍රථම ස්ථාන හිමිකරගනී

බුත්තල පිහිටි නිලධාරී ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානයේ නව වාර්තාවක් පිහිටුවමින් ශ්‍රී ලංකා සංඥා බලකා රෙජිමේන්තු ඉතිහාසයේ ප්‍රථම වතාවට ඒකක අණදෙන්නන්ගේ පාඨමාලා අංක - 07, කනිෂ්ඨ අණදෙන පාඨමාලා අංක - 19 සහ කනිෂ්ඨ මාණ්ඩලික පාඨමාලා අංක - 19 හි ප්‍රථම ස්ථාන හිමිකරගැනීමට ශ්‍රී ලංකා සංඥා බලකායේ නිලධාරීන් තිදෙනෙකු සමත් වූහ.

ඒ අනුව, එම පාඨමාලාවන්හි පිළිවෙලින් ප්‍රථම ස්ථාන හිමිකරගත් ශ්‍රී ලංකා සංඥා බලකායේ මේජර් ඩබ්ලිව්.පී.ඩි.එන්. අබේරත්න, මේජර් ටී.එස්.එන්.කේ. පීරිස් සහ කපිතන් ටී.කේ. රණසිංහ ඉකුත් සිකුරාදා (09) දින නිලධාරී ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානයේ පැවැති පාඨමාලා සමාප්ති උත්සවයේදී ත්‍යාග සහ සහතිකපත් හිමිකරත්හ.

සමාප්ති උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස නිලධාරී ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානයේ සේනාවිධායක මේජර් ජෙනරල් ජයනාත් ජවීර සහභාගි වූ අතර එතුමන්ගේ සුරතින් ජයග්‍රහකයින් වෙත කුසලාන සහ සහතිකපත් පිරිනමන ලදී. තවද, මෙම අවස්ථාවට නියෝජ්‍ය සේනාවිධායක, ප්‍රධාන උපදේශක, ජ්‍යෙෂ්ඨ උපදේශකවරුන් සහ කාර්යමණ්ඩලය සහභාගී වූහ. latest jordans | Women's Designer Sneakers - Luxury Shopping