Header

Sri Lanka Army

Defender of the Nation

14th October 2020 05:17:30 Hours

ජාතියේ අභිමානවත් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට 71 ක් වසරක් සපීරේ

නිර්භීතභාවය, විනය, පක්‍ෂපාතිත්වය සහ විශිෂ්ඨ කුසලතාවයන්ගෙන් පරිපූර්ණව රටේ ආර්ථික හා සමාජීය සංවර්ධනය උදෙසා ප්‍රමුඛත්වයක් ගෙන කටයුතු කරනු ලබන ජාතියේ ආරක්‍ෂකයා ලෙස රට වැසියන්ගේ ගෞරවාදරයට පාත්‍ර වූ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සාඩම්බර 71 වන සංවත්සරය අද (10) දිනට යෙදී තිබේ.

වත්මන් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා යුද්ධ හමුදාවේ සියලුම නිලධාරීන්ට සහ සෙසුනිලයින්ට මෙන්ම සිවිල් කාර්ය මණ්ඩල සාමාජිකයින්ට සංවත්සර දිනයේ සිය සුබපැතුම් පිරිනමයි.

යුද්ධ හමුදා දිනයට සමගාමීව අතිගරු ජනාධිපතුමන් විසින් යුද්ධ හමුදාවේ නිලධාරීන් 514 දෙනෙකුට උසස්වීම් ලබාදීම පිළිබඳ සිය ස්තූතිය පුද කළ යුද්ධ හමුදාධිපතිතුමන් 71 වන යුද්ධ හමුදා දිනයට තවත් වටිනාකමක් එක්කරමින් මෙම සුවිශේෂි දිනයේ උසස්වීම් ලබන සෙසුනිලයින් 14,140 දෙනා වෙත ඔවුන්ගේ හමුදා වෘත්තියමය ජිවිතය හා පුද්ගලික ජිවිතය සාර්ථක කරගැනීම සඳහා ද සුබපැතුම් පිරිනැමීය.

කොවිඩ්-19 වෙරසය පැතිරයාම හේතුවෙන් යුද්ධ හමුදා සංවත්සරයට සමගාමීව පැවැති ආගමික සහ අනෙකුත් සැමරුම් උත්සව පැවැත්වීමට නොහැකි වූවත් පවතින වාතාවරණය යථා තත්ත්වයට පත් වූ පසු ඒවා යළි පැවැත්වීමට සැලසුම් කර ඇත.

වර්ෂ 1949 ඔක්තෝබර් මස10 වන දින ලංකා හමුදාව සිය පළමු නිත්‍ය බලකාය, 1949 අංක 17 දරණ යුද්ධ හමුදා පනත යටතේ බ්‍රිගේඩියර් රොඩරික් සින්ක්ලෙයාර්ගේ (Brigadier Roderick Sinclair) අණදීම යටතේ ආරම්භ කරන ලදී. පසුව දියතලාව ප්‍රදේශයේ යුද්ධ හමුදා විද්‍යාපීඨය පිහිට වූ බ්‍රිගේඩියර් අන්ටන් මුතුකුමරු, එවකට ලංකා හමුදාවේ පළමු හමුදාධිපති ලෙස රාජකාරි ඇරඹූහ.

ගෙවීගිය වසර 71 ක අඛණ්ඩ කාලපරාසය පූරාවට යුද්ධ හමුදාවේ සාර්ථකත්වය උදෙසා යුද්ධ හමුදාධිපතිවරුන් 23 දෙනෙකු අණදීම් සිදුකර ඇති අතර මාතෘභූමියේ ආරක්‍ෂාව උදෙසා සිය දිවි හිමියෙන් කටයුතු කරමින් සේවයට කැපවූ රෙජිමේන්තු 24 ක් සමඟින් දිවයින පූරා විසිරී සිටින ශ්‍රී ලංකා යුද්ධ හමුදාව රටවැසියන්ගේ මහත් ගෞරවාදරයට පාත්‍ර වී ඇත.

ආරක්‍ෂක තර්ජන, ජාතික ව්‍යසන, හදිසි අවස්ථාවන්හිදී අසම සම හැකියාවන් පෙන්වූ විපතට පත්වූවටන් සහන සැලසු ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සියලු ජනවර්ග අතර සුහදත්වය සහ සංහිදියාව ප්‍රවර්ධනය කරන අතරම ජාතික ආරක්‍ෂාව පවත්වාගෙන යාම, ජාතිය ගොඩනැගිමේ කාර්යභාර්ය, එක්සත් ජාතින්ගේ සාම සාධක රාජකාරි, මානුෂීය ව්‍යාපෘති, මුදාගැනීමේ මෙහෙයුම්, නිවාස හා පොදු ස්ථාන ඉදිකිරීම්, රුක් රෝපණ ව්‍යාපෘතින්, වැව් ප්‍රතිසංස්කරණය කිරිමේ කටයුතු යනාදිය අඛණ්ඩව සිදු කරගෙන යයි.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 23 වන යුද්ධ හමුදාධිපති මෙන්ම ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි ලෙස රාජකාරි කරනු ලබන යුදබිමේ රණශූරයෙකු වන ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා හමුදාවේ ඉදිරි අනාගතය සහ ආරක්‍ෂක තර්ජන පිළිබඳ සැලකිල්ලට ගනිමින් එතුමන්ගේ දුරදර්ශි සංකල්යකට අනුව දැනුටමත් යුද්ධ හමුදාව නව මාවතකට හැරවීම සඳහා අවශ්‍ය මංපෙත් සියලු අංශයන්ගෙන් පරිපූර්ණව අධිෂ්ඨානයෙන් යුතුව සකස් කරනු ලබයි. අතිගරු ජනාධිපතිතුමාගේ සහ ගරු අග්‍රාමාත්‍යතුමන්ගේ උපදෙස් මත යුද්ධ හමුදාධිපතිතුමන් ඇතුළු දක්‍ෂ සොල්දාදුවන්, සෞඛ්‍ය බලධාරීන් සහ අනෙකුත් සන්නද්ධ හමුදාවන් සමග එක්ව රට පුරා පැතිර ගිය කොවිඩ්-19 වෛරසය මඟහරවා ගැනීම සඳහා කැපවී කටයුතු කළ අතර එය කොව්ඩ් තර්ජනයේ ගෝලීය මට්ටමට සාපේක්‍ෂව ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටියි. මෙම වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා ක්‍රියාත්මක කරනු ලබන නිරෝධායන ක්‍රියාවලිය, ලෝකයේ රටවල් අතරින් පළමුව දියත් කළ ශ්‍රී ලංකාව ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහ අනෙකුත් ගෝලීය ආයතනවල පැසසුමට ලක්ව ඇත.

යුද්ධ හමුදා සාමාජිකයින් සිය ජීවිත කැපකරමින් සිදුකළ පුරෝගාමී සේවය රටේ පවත්නා තිරසාර සාමය හා සංහිඳියාවට විශාල වශයෙන් දායක වී තිබේ. එසේම, ජාතික ව්‍යසන, හදිසි අවස්ථා සහ ස්වාභාවික විපත් යනාදි ව්‍යසනයන්හිදී යුද්ධ හමුදාව සැමවිටම ප්‍රමුඛත්වයක් ගෙන කටයුතු කරන අතරම නැවත රට යථාතත්ත්වයට පත් කිරීම සඳහා ද කැපවීමෙන් යුතුව කටයුතු කරයි. තවද, රටේ සංවර්ධන කටයුතු සඳහා යුද්ධ හමුදාව මේ වනවිට පූරෝගිමී කාර්යභාරයක් ඉටු කරනු ලබයි.

දශක හතක ගමනේදී, ආරම්භයේ සිට යුද්ධ හමුදාධිපතිවරුන් 22 දෙදෙනෙකු අණදීම සිදු කොට ඇති අතර ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, රෙජිමේන්තු සැරයන් මේජර්වරුන්, ජ්‍යෙෂ්ඨ හා කනිෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන් සහ සිවිල් කාර්ය මණ්ඩලය යුද්ධ හමුදාවේ සාඩම්බර ඉතිහාසය පුරා අඛණ්ඩ දායකත්වයක් ලබාදී ඇත. මෙම 71 වන සංවත්සරය ආරම්භයේ දී ඔවුන් සියලුදෙනා ඇතුළු පවුල් සාමාජිකයින් කෘතඥපූර්වකව සිහිපත් කර ආචාර කරනු ලබයි. එසේම, ශ්‍රී ලංකාවේ සමෘද්ධිය, සාමය සහ සංහිඳියාව යන නව මාවතක් ඔස්සේ ගමන් කරමින් සිටින හෙයින්, යුදබිමේ ලද ජයග්‍රහණ ඉතිහාසයේ අසමසම රණවික්‍රමයන් ලෙස ඉතිහාසයට එක්වනු ඇත.

අද (10) දිනට යෙදි ඇති 71 වන යුද්ධ හමුදා සංවත්සරය සඳහා ආශීර්වාද එක්කරමින් මහනුවර දළදා මාලිගාවේදී, අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමුදු අභිමුවදී, පිරිත් සඡ්ඣායනාව සහ සංඝගත දක්‍ෂිනාවක් යුද්ධ හමුදා මුලස්ථානයේදී සිදුකරනු ලැබු අතර යුද්ධ හමුදා ධජයන්ට සෙත්පතා හින්දු හා ඉස්ලාම් ආගමික වතාවත් ද සිදුකරනු ලැබිණි. එමෙන්ම, යුද්ධ හමුදා සංවත්සරයට සමගාමීව කතරගම කිරිවෙහෙර අභියසදී, ශාන්ත තෝමස් දේවස්ථානයේදී, බත්තරමුල්ල රණවිරු ස්මාරකය අභියසදී සහ අතිගරු ජනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් ගලු මෝදර පිටියේදී පැවැත්වීමට නියමිතව තිබූ සැමරුම් උත්සව රට පුරා පැතිර ගිය කොවිඩ් - 19 වෛරස් තත්ත්වය හේතුවෙන් කල් දැමීමට සිදුවිය. (නිමාව) latest Nike release | Nike