Header

Sri Lanka Army

Defender of the Nation

11th October 2020 09:55:10 Hours

‘Truth with Chamuditha’ වැඩසටහන සමගින් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා එක්වෙයි

'යූ ටියුබ්’ ඔස්සේ විකාශය වූ ‘Truth with Chamuditha’ මුහුණට මුහුණ වැඩසටහනට එක්වූ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා වෛරසයේ දෙවන රැල්ල සම්බන්ධයෙන් පවතින වත්මන් තත්ත්වය පිළිබඳ පැහැදිලි කළේය. වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා කටයුතු කරන සියලුම පාර්ශවකරුවන්ගේ ක්‍රියාකාරී සහයෝගය ඇතිව අභියෝගයට මුහුණදීමට ඇති විධිවිධාන පිළිබඳව ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මෙහිදී අදහස් දැක්වීය. එසේම, වෛරසය පැතිරීම වැළැක්වීම වෙනුවෙන් මහජන සහයෝගය ලබාගැනිමත්, මහජන ආකල්ප දියුණු කිරීමත් පිළිබඳ මෙහිදි සාකච්ඡාවට භාජනය කෙරිණි. මෙම සාකච්ඡාවේ සම්පුර්ණ විඩියෝව පහතින් දැක්වේ. short url link | 2021 New adidas YEEZY BOOST 350 V2 "Ash Stone" GW0089 , Ietp