Header

Sri Lanka Army

Defender of the Nation

03rd October 2020 13:32:12 Hours

‘නිරෝගිමත් හමුදාවක් - නිරෝගිමත් දැයක්’ ව්‍යාපෘතිය යටතේ යුද්ධ හමුදාව විසින් ජ්‍යේෂ්ඨ පුරවැසියන් වෙත සිය යුතුකම් ඉටුකරති

ජාත්‍යන්තර වැඩිහිටි දිනයට සමගාමීව, කොළඹ යුද්ධ හමුදා රෝහල විසින් දියත් කරනු ලැබූ ‘නිරෝගිමත් හමුදාවක් - නිරෝගිමත් දැයක්’ ව්‍යාපෘතියට සමගාමීව ඉකුත් බ්‍රහස්පතින්දා (01) දින කටාන, බෝලගල ප්‍රදේශයේ පිහිටි ‘රණසේවා නිවස’ වැඩිහිටි නිවාසයේ වෙසෙන විශ්‍රාමික වීරෝධාර රණවිරුවන්ගේ සුභසාධනය වෙනුවෙන් වැඩසටහන් කිහිපයක් දියත් කළහ.

‘නිරෝගිමත් හමුදාවක් - නිරෝගිමත් දැයක්‘ ව්‍යාපෘතිය යටතේ ජ්‍යේෂ්ඨ සම්බන්ධීකාරක උපදේශක වෛද්‍ය බ්‍රිගේඩියර් ඒ.එස්.එම්. විජේවර්ධන විසින් සංවිධානය කරනු ලැබූ මෙම වැඩසටහනේදී ජ්‍යේෂ්ඨ වෛද්‍ය නිලධාරි කර්නල් ලක්මිණි රණසිංහ විසින් ‘ආදරණීය රණවිරුවන්ට ගරු කරමු’ තේමාව යටතේ ප්‍රධාන දේශනය පැවැත්වූවාය‍. මෙහිදී, ජාත්‍යන්තර රෝදපුටු සංගමයේ සාමාජිකයින් විසින් එම වැඩිහිටි නිවාසයේ වෙසෙන රණවිරුවන් වෙනුවෙන් තේ පැන් සංග්‍රහයක් ද පිරිනමනු ලැබූහ.

මෙම අවස්ථාව සඳහා ‘නිරෝගිමත් හමුදාවක් - නිරෝගිමත් දැයක්’ ව්‍යාපෘතියේ මාණ්ඩලික නිලධාරි - II මේජර් ජේ.එම්.සී.බී.ආර්. බණ්ඩාර ඇතුළු එම ව්‍යාපෘතියේ සාමාජිකයින් රැසක් ද සහභාගී වූහ.

ඊට අමතරව, ‘නිරෝගිමත් හමුදාවක් - නිරෝගිමත් දැයක්’ ව්‍යාපෘතියේ භෞත චිකිත්සක උපදේශක විසින් එහි නේවාසික රණවිරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය නංවාලීමේ අරමුණින් ශාරීරික ව්‍යායාම ක්‍රියාකාරකම් කිහිපයක් ද පැවැත්වූ අතර ජ්‍යේෂ්ඨ පුරවැසියන් පරික්‍ෂා කිරීම වෙනුවෙන් වෛද්‍ය සායනයක් ද පැවැත්විණි. Nike air jordan Sneakers | Klær Nike