Header

Sri Lanka Army

Defender of the Nation

03rd October 2020 13:34:47 Hours

121 සහ 122 වන බලසේනාවෝ ලෝක ළමා දිනය වෙනුවෙන් සමාජ සත්කාරක වැඩසටහන් රැසක් දියත් කරති

මධ්‍යම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 12 වන සේනාංකයට අනියුක්ත 121 වන බලසේනාවේ සහ 122 වන බලසේනාවේ භටපිරිස් විසින් 12 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් හේමන්ත බණ්ඩාර ගේ උපදෙස් පරිදි ඔක්තෝබර් 01 දිනට යෙදී තිබූ ලෝක ළමා දිනය වෙනුවෙන් වැඩසටහන් කිහිපයක් දියත් කරනු ලැබූහ.

12 වන සේනාංකයේ කර්නල් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි, කර්නල් භටකාර්ය සම්පාදන, සිවිල් කටයුතු සම්බන්ධීකරණ නිලධාරි සහ 3 වන ජාතික ආරක්‍ෂක බළමුළුවේ දෙවන අණදෙන නිලධාරි ගේ සහභාගිත්වයෙන් සිදුකෙරුණු මෙම වැඩසටහනේදී එම ළමා නිවාසයේ වෙසෙන කුඩා දරුවන් වෙනුවෙන් පාසල් උපකරණ සහිත ත්‍යාග පාර්සල් මෙන්ම ප්‍රනීත දිවා ආහාර වේලක් ද පිරිනැමූ අතර විනෝදජනක අංගයන් කිහිපයකින් ද එම ළමුන් විනෝදාස්වාදයට පත් කරනු ලැබීය‍. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 12 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් හේමන්ත බණ්ඩාර සහභාගී විය.

තවද, ලෝක ළමා දිනය වෙනුවෙන් කතරගම, කාවන්තිස්සපුර පිහිටි කන්ද විහාර පෙර පාසල් පරිශ්‍රයේදී 3 වන ජාතික ආරක්‍ෂක බළමුළුවේ භටපිරිස් විසින් වැඩසටහනක් දියත් කරනු ලැබූ අතර එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් 122 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් ජනක පල්ලේකුඹුර සහභාගී විය‍. එහිදී, එම පෙර පාසලේ ඉගෙනුම ලබන කුඩා දරුවන් සඳහා සිත්ගන්නාසුළු ක්‍රීඩා කිහිපයක් සංවිධානය කර තිබූ අතර සෑම තරඟයකම ජයග්‍රාහකයින් වෙනුවෙන් ත්‍යාගයන් ද පිරිනමනු ලැබූහ‍. මීට අමතරව, යුද්ධ හමුදා සාමාජිකයින් විසින් තේ පැන් සංග්‍රහයක්, සංගීතමය වැඩසටහනක් සහ ප්‍රනීත දිවා භෝජන සංග්‍රහයක් ද එම කුඩා දරුවන් වෙනුවෙන් පිරිනමන ලදී.

මේ අතර, 20 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් ලෝක ළමා දිනය වෙනුවෙන් දෙමටම් ගම්මානයේ පිහිටි කැකුළු පෙර පාසලේ සහ වැල්ලවාය ප්‍රදේශයේ පිහිටි සිරිපුර පෙරපාසලේ ඉගෙනුම ලබන කුඩා දරුවන් 25 දෙනෙකු සහභාගි කරගනිමින් වැඩසටහනක් දියත් කරනු ලැබූහ. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 121 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් උදය සේරසිංහ සහභාගී වූ අතර එහිදී, ත්‍යාග පාර්සල් රැසක් එම කුඩා දරු දැරියන් අතර බෙදාදෙන ලදී.

එමෙන්ම, ලෝක ළමා දිනය සනිටුහන් කරමින් 18 වන ගැමුණු හේවා බලකායේ භටපිරිස් කුඹුක්කන පාසල් සංවර්ධන කමිටුවේ සහ වෙල්ලස්ස සෞභාග්‍යා පාසල සමඟ එක්ව තවත් දැවැන්ත වැඩසටහනක් දියත් කරනු ලැබූහ. එම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි 121 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් උදය සේරසිංහ විසින් කුඩා ළමුන් 65දෙනෙකු වෙත ත්‍යාග පාර්සල් පිරිනමනු ලැබීය‍. Best Authentic Sneakers | 2021 New adidas YEEZY BOOST 350 V2 "Ash Stone" GW0089 , Ietp