Header

Sri Lanka Army

Defender of the Nation

03rd October 2020 13:29:10 Hours

24 වන සේනාංකය අම්පාර ප්‍රදේශයේ විශේෂ ළමාදින වැඩසටහන් පවත්වති

24 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් තිලාන් වීරකෝන් ගේ උපදෙස් මත එම සේනාංකයේ භටපිරිස් ලෝක ළමා දිනයට සමගාමීව අම්පාර නගර සභාව සහ සෙලාන් බැංකුව සමඟ එක්ව විශේෂ වැඩසටහනක් සංවිධානය කරන ලදී. අම්පාර දිස්ත්‍රික්කයේ දරු දැරියන් දිරිගැන්වීමේ අරමුණින් සංවිධානය කරන ලද මෙම වැඩසටහන දරු දැරියන් සිය ගණනකගේ ආකර්ෂණය දිනාගනිමින් අම්පාර නගරසභා උද්‍යානයේදී ඉකුත් බ්‍රහස්පතින්දා (01) දින පැවැත්විණි.

මෙම වැඩසටහනේදී දරු දැරියන් වෙනුවෙන් තරඟ සහ විනෝද ක්‍රීඩා කිහිපයක් ද සංවිධානය කරන ලද අතර වැඩසටහන අවසානයේ ජයග්‍රාහකයින්ට සහ සහභාගිවුවන්ට සිත්ගන්නාසුළු ත්‍යාග අඩංගු පාර්සල් රැසක් ද ප්‍රදානය කරන ලදී. Running Sneakers | balerínky