Header

Sri Lanka Army

Defender of the Nation

03rd October 2020 13:39:21 Hours

59 වන සේනාංකයේ භටපිරිස් විසින් නිවසක් නොමැතිව සිටි තවත් පවුලක් වෙනුවෙන් නව නිවසක් ඉදිකරදෙයි

මුලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 59 සේනාංක මූලස්ථානයේ සහයෝගය ඇතිව සුප්‍රසිද්ධ දානපතියෙකු වන මොහාන් ශංකර් මහතා සහ එම මැතිණිය සිය පුතුගේ ජන්ම දිනය නිමිත්තෙන් චෙම්මලේ ප්‍රදේශයේ පදිංචි අඩු ආදායම්ලාභී පවුලකට නව නිවසක් ඉදිකරදෙන ලදී.

ඒ අනුව, 593 වන බලසේනාවේ භටපිරිස් හී තාක්‍ෂණික දැනුම හා ශ්‍රම දායකත්වය යොදාගනිමින් නයාරු සුනාමි නිවාස ව්‍යාපෘතිය යටතේ ආර්ථික දුෂ්කරතාවයන් මධ්‍යයේ ජිවත් වූ ඥාණප්‍රකාශම් මරියදාසම් මහතා ඇතුළු පවුලේ සාමාජිකයින් වෙනුවනේ මෙම නව නිවස ඉදිකරදෙන ලදී.

යුද්ධ හමුදාවේ 71 වන සංවත්සරයට සමගාමීව, නිවාසලාභීයා වෙනුවෙන් අභිනවයෙන් ඉදිකළ නිවස භාරදීමේ අවස්ථාවේදී 59 වන සේනාංකයේ භටපිරිස්හි මූල්‍යමය දායකත්වය ඇතිව එම නිවාසලාභීන් වෙත ගෘහ භාණ්ඩ සහ අත්‍යවශ්‍ය භාණ්ඩ තොගයක් ද පරිත්‍යාග කළහ.

59 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා ගේ ඉල්ලීමකට අනුව මුලතිව් ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් ජගත් රත්නායක නව නිවසේ යතුරු භාරදීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ අතර 593 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් වසන්ත පාලම්කුඹුර සමගින් මෙම අවස්ථාවට සම්භාවනීය අමුත්තන් ලෙස මොහාන් ශන්කර් මහතා සහ එම මැතිණිය ද සහභාගී වූහ. url clone | Air Jordan 1 Retro High OG "UNC Patent" Obsidian/Blue Chill-White For Sale – Fitforhealth