Header

Sri Lanka Army

Defender of the Nation

04th October 2020 00:19:42 Hours

කිලිනොච්චි භටපිරිස් ක්‍රිකට් තරඟාවලියක් සංවිධානය කරයි

කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සම්පත් කොටුවේගොඩ ගේ සංකල්පයකට අනුව ප්‍රදේශයේ තරුණයින් අතර සහජීවනය හා ක්‍රීඩා කෞෂල්‍ය ශක්තිමත් කිරීමේ අරමුණින් ‘සමගි ක්‍රිකට් තරඟාවලිය - 2020’ ('Harmony Cricket Tournament 2020') 57 වන සේනාංකය යටතේ ස්ථාපිත 571 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථාපිත 6 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව විසින් සංවිධානය කරන ලදී.

මෙම තරඟාවලිය සැප්තැම්බර් මස 12 වන දින විශ්වමඩු විද්‍යාල ක්‍රීඩාංගණයේදී ආරම්භ කළ අතර ප්‍රදේශයේ කණ්ඩායම් 25 ක් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව නියෝජනය කරමින් කණ්ඩායම් 3 ක් තරඟාවලිය සඳහා සහභාගි වූහ.

මෙම තරඟාවලියට සහභාගි වූ කණ්ඩායම් අතරින් විනයාගර් ක්‍රීඩා සමාජ කණ්ඩායම සහ ධර්මපුරම් ක්‍රීඩා සමාජ කණ්ඩායම අවසන් මහා තරඟයට තේරීපත් වූහ. ‘සමගි ක්‍රිකට් තරඟාවලිය - 2020’ ('Harmony Cricket Tournament 2020') හි ශූරතාවය හිමිකරගැනීමට ධර්මපුරම් ක්‍රීඩා සමාජ කණ්ඩායම සමත්විය.

අවසන් මහා තරඟයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති සහභාගි විය. තවද මෙම අවස්ථාව සඳහා 56 හා 65 වන සේනාංකයන්හි සේනාංකාධිපතිවරුන්, බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අනෙකුත් නිලධාරීන්, සෙසුනිලයින් සහ ප්‍රදේශවාසින් රැසක් සහභාගි වූහ. trace affiliate link | Men’s shoes