Header

Sri Lanka Army

Defender of the Nation

02nd October 2020 12:10:17 Hours

51 වන සේනාංකයේ නව සේනාංකාධිපති සිය ධූරයේ රාජකාරි අරඹයි

51 වන සේනාංකයේ 28 වන සේනාංකාධිපති ලෙස බ්‍රිගේඩියර් සුමිත් ප්‍රේමලාල් ඉකුත් බ්‍රහස්පතින්දා (01) දින යාපනය පිහිටි 51 වන සේනාංක මූලස්ථානයේදී බෞද්ධ ආගමික වතාවත් මධ්‍යයේ හා හමුදා සම්ප්‍රදායානුකූලව සිය රාජකාරි කටයුතු භාරගනු ලැබිණි.

සේනාංක මූලස්ථාන පරිශ්‍රය වෙත සපැමිණි නව සේනාංකාධිපතිතුමන් වෙත 51 වන සේනාංකයේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානූකූල කඳවුරු මුරයේ සහ සම්මාන ආචාර මුරයේ ගෞරවාචාරය පිරිනැමීමෙන් අනතුරුව, බ්‍රිගේඩියර් සුමිත් ප්‍රේමලාල් මහා සංඝ රත්නයේ ‘සෙත් පිරිත්’ සජ්ඣායනා මධ්‍යයේ එම සේනාංකයේ මාණ්ඩලික නිලධාරින් ඉදිරිපිට දී සංකේතාත්මක නිල ලේඛණයකට අත්සන් තබමින් සිය රාජකාරි කටයුතු භාරගැනීම සනිටුහන් කරනු ලැබිය. අනතුරුව නව සේනාංකාධිපති විසින් එම අවස්ථාව සනිටුහන් කිරිම සඳහා කඳවුරු පරිශ්‍රයේ ‘අඹ’ පැළයක් ද රෝපනය කළේය.

පසුව නව සේනාංකාධිපති විසින් 51 වන සේනාංකයේ නිලධාරීන් අමතා ඔවුන්ගේ වගකීම් සාමය හා සංහිඳියාව සඳහා වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා උපරිමයෙන් තම යුතුකම් ඉටු කරන ලෙස ප්‍රකාශ කරන ලදී.

අනතුරුව, 51 වන සේනාංකයේ කොනොනි භෝජනාගාරයේ පැවති සියළු නිල තේපැන් සංග්‍රහයකට ​ද එතුමන් සහභාගී විය.

මෙම අවස්ථාව සඳහා බලසේනාධිපතිවරුන්, ඒකක අණදෙන නිලධාරීන්, මාණ්ඩලික නිලධාරීන් ඇතුළු සෙසුනිලයන් පිරිසක් සහභාගී වූහ. best Running shoes | Gifts for Runners