Header

Sri Lanka Army

Defender of the Nation

02nd October 2020 13:53:36 Hours

විශ්‍රාම දිවියට පා තබන ගජබා රෙජිමේන්තුවේ මේජර් ජෙනරල්වරුන් වෙත එම රෙජිමේන්තුවේ ගෞරවාචාරය

ගජබා රෙජිමේන්තුවේ නුදුරේදී විශ්‍රාම දිවියට පා තැබීමට නියමිත මේජර් ජෙනරල් රසික ප්‍රනාන්දු, මේජර් ජෙනරල් ජාලිය සේනාරත්න සහ මේජර් ජෙනරල් කැලුම් නුගේගොඩ යන ජ්‍යේෂ්ඨ නිලධාරීන් තිදෙනා පිළිවෙලින් අවුරුදු 35,34 සහ 34 කාලසීමාවක් තම දේශය වෙනුවෙන් ඉටුකළ විශිෂ්ඨ සේවය ඇගයීමට ලක්කරමින් ඔවුන් වෙත ගෞරවාන්විත සමුගැනීමේ උත්සවයක් පවත්වනු ලැබිණි.

සාලියපුර ගජබා රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රයේ හමුදා සම්ප්‍රදායානූකූලව වෙන් වෙන් වශයෙන් පවත්වනු ලැබු එම සමුගැනීමේ උත්සව අවස්ථාවන් සඳහා ජ්‍යේෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ භටපිරිස් විශාල පිරිසක් ද සහභාගී වූහ.

රෙජිමේන්තු මූලස්ථානයේ ප්‍රධාන දොරටුව අභියසදී විශ්‍රාම යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනමනු ලැබු අතර, පසුව රට වෙනුවෙන් දිවිපිදු විරෝදාර රණවිරුවන් සිහිපත් කරමින් ගජබා රෙජිමේන්තු මූලස්ථානයේ පිහිටි රණවිරු ස්මාරකය අභියස දී විශ්‍රාම දිවියට එළඹෙන ජ්‍යෙෂ්ඨ නිලධාරින් පූෂ්පෝපහාරයන් පුද කළහ. පසුව සමුගැනීමේ උත්සවය ආරම්භ කරමින් එම රෙජිමේන්තු භටපිරිස් විසින් ගජබා රෙජිමේන්තු සරඹ භූමියේදී රෙජිමේන්තු වර්ණ ධජයන් පෙරටු කර ගත් වර්ණවත් සම්මාන මුරයේ ගෞරවාචාරය ඔවුන් වෙත පුද කළහ. අනතුරුව එම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සරඹ භූමියේදී තම රෙජිමේන්තුවේ ගජබා විරුවන් අවසන් වරට නිල වශයෙන් අමතනු ලැබූහ.

ඉන් අනතුරුව එම රෙජිමෙන්තු මූලස්ථානයේ පැවති සියළු නිල තේ පැන් සංග්‍රහයට ද එතුමන් තිදෙන සහභාගී වූහ.

පසුව, ගජබා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති ඇතුළු නිලධාරීන් විසින් මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් වෙනුවෙන් ගජබා රෙජිමේන්තු මූලස්ථාන නිලධාරී නිවස්නයේදී සංවිධානය කර තිබු රාත්‍රි භෝජන සංග්‍රහයෙන් අනතුරුව එදිනට නියමිත වැඩ කටයුතු නිමාවට පත් විය. Asics footwear | Nike Running