Header

Sri Lanka Army

Defender of the Nation

02nd October 2020 10:18:17 Hours

ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළ පුද්ගලයින් 7,274 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටින බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි

අද (02) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාව තුලින් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් දෙදෙනෙකු (02) හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් දෙදෙනා (02) ඕමාන් සිට පැමිණ හේකිත්ත ලාදුරු රෝහල සහ කුන්ඩසාලේ යන නිරෝධායන මධ්‍යස්ථානයන් තුළින් වාර්තා වන බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

අද (02) දින උදෑසන වනවිට කන්දකාඩු සහ සේනපුර මත්ද්‍රව්‍ය නිවාරණ, ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයන්ට සම්බන්ධ සියළු ආසාදිතයින් සංඛ්‍යාව 650 දෙනෙකු වේ.

අද (02) දින උදෑසන EK 648 දරණ මගී ගුවන් යානය මගින් ඩුබායි සිට පුද්ගලයින් හතලිස් හත් දෙනෙකු (47) ද, QR 668 දරණ මගී ගුවන් යානය මගින් දෝහා කටාර් සිට එක් පුද්ගලයෙකු (01) සහ UL 455 දරණ මගී ගුවන් යානය මගින් ජපානයේ නරිටා සිට පුද්ගලයින් දාහත් දෙනෙකු (17) මෙරටට පැමිණ ඇත. එසේ පැමි‍ණි පුද්ගලයින් සියළුදෙනා ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළ නිරෝධායන කටයුතු සඳහා යොමු කිරීමට කටයුතු සූදානම් කර ඇත.

අද (02) දිනය තුළදී ද ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුලින් පුද්ගලයින් තුන්සිය හතලිස් දෙදෙනෙකු (342) තම නිරෝධායන කටයුතු අවසන් කර නිවෙස් වෙත පිටත්ව යාමට නියමිතව ඇත. ඒ අනුව, රුවල කල්පිටිය නිරෝධායන මධ්‍යස්ථානය තුළින් පුද්ගලයින් දෙදෙනෙකු (02) ද, පූරවාසකුලම් නිරෝධායන මධ්‍යස්ථානය තුළින් පුද්ගලයින් එකසිය අසූ දෙදෙනෙකු (182), හොටෙල් ජෙට්වින් ලැගූන් නිරෝධායන මධ්‍යස්ථානය තුළින් පුද්ගලයින් පස් දෙනෙකු (05), හොටෙල් ගෝල්ඩි සෑන්ඩ් නිරෝධායන මධ්‍යස්ථානය තුළින් පුද්ගලයින් එකසිය හතලිස් තුන් දෙනෙකු (143), වැල්ලවත්ත නිරෝධායන මධ්‍යස්ථානය තුළින් පුද්ගලයින් හය දෙනෙකු (06) සහ ගල්කිස්ස හෝටල් නිරෝධායන මධ්‍යස්ථානය තුළින් පුද්ගලයින් හතර දෙනෙකු (04) වශයෙන් වේ.

එසේම, අද (02) දිනය වනවිට පුද්ගලයින් 47,252 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර තම නිවෙස් වෙත පිටව ගොස් ඇත.

එසේම, අද (02) දිනය වනවිට ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 79 ක් තුළ පුද්ගලයින් 7,274 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටියි.

ඊයේ (01) දිනය තුලදී PCR පරික්‍ෂණ 1651 ක් සිදුකර ඇති අතර, මේ වනවිට ශ්‍රී ලංකාව තුළ PCR පරික්‍ෂණ 289,588 ප්‍රමාණයක් සිදුකර ඇත.

අද (02) දින උදෑසන 0600 වනවිට පුද්ගලයින් තිදෙනෙකු (03) පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර එම පුද්ගලයින් තිදෙනා (03) විදේශයන්හි සිට මෙරටට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානයන්හී නිරෝධායන කටයුතු වල නිරතව සිටි පුද්ගලයින් ලෙස වාර්ථා වේ.

එසේම, කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයට සම්බන්ධ පුද්ගලයින් 648 දෙනෙකු මේ වනවිට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත. දැනට එම මධ්‍යස්ථානයට සම්බන්ධව ප්‍රතිකාර ලබන සම්පූර්ණ කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් සංඛ්‍යාව 02 දෙනෙකු වේ. Nike shoes | 【国内4月24日発売予定】ナイキ ウィメンズ エア アクア リフト 全2色 - スニーカーウォーズ