Header

Sri Lanka Army

Defender of the Nation

29th September 2020 11:40:26 Hours

වන්නි ආඥාපතිතුමන් ප්‍රදේශයේ ආරක්‍ෂාව පිළිබඳ සාකච්ඡා කරයි

වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් ධම්මික ජයසිංහ ඉකුත් සෙනසුරාදා (26) දින 54 වන සේනාංක මුලස්ථානයේ සංචාරය කරමින් එම සේනාංක බලප්‍රදේශයේ පසුගිය සතිය පුරාවට සිදුකරනු ලැබූ සෝදිසි මෙහෙයුම්, වැටලීම් සහ අත්අඩංගුවට ගැනීම් පිළිබඳව ද මනා විමර්ෂණයක් සිදුකරන ලදී.

එහිදි ආඥාපතිතුමන් එම බලප්‍රදේශයේ සිදුවන නීතිවිරෝධී ක්‍රියාකාරකම් පිළිබඳ 54 වන සේනාංකයේ සේනාංකාධිපති සහ එම සේනාංකය යටතේ සේවයේ නියුතු බලසේනාධිපතිවරුන් සමඟ සාකච්ඡා කළ අතර එම නීති විරෝධී ක්‍රියාකාරකම් හැකිතාක් දුරට මැඩපැවැත්වීම සඳහා ඉදිරියේදී ගතයුතු ක්‍රියාමාර්ග සහ අපරාධ මැඩපැවැත්වීමේ ඇති වැදගත්කම පිළිබඳව අවධාරණය කළේය.

ඉන් අනතුරුව, 541 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි මූන්ඩන්පිඩ්ඩි ධීවර වරාය හා එහි අවට නිරීක්‍ෂණ සංචාරයක නිරත වූ වන්නි ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් එම ධීවර ප්‍රජාවේ නායකයින් සමග සුහද සාකච්ඡාවක නිරත විය. තවද, 543 වන බලසේනා බලප්‍රදේශයේ මන්නාරම දූපතේ දකුණු වෙරළ තීරයේ ආරක්‍ෂක ක්‍රියාවලීන් පිළිබඳ පරික්‍ෂා කළ එතුමන් 7 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් කේරළ ගංජා තොගයක් සොයා ගනිමින් සිදුකරනු ලැබූ සේවය පිළිබඳ ඔවුන් සතු උනන්දුව අගය කළේය.

මෙම සංචාරය සඳහා වන්නි ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් සමඟින් 54 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඉන්ද්‍රජිත් බණ්ඩාර සහ 541 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ප්‍රදීප් කුලතුංග ද එක් වූහ. trace affiliate link | Trending