Header

Sri Lanka Army

Defender of the Nation

29th September 2020 10:28:26 Hours

මන්නාරම යුද්ධ හමුදා භටපිරිස් තවත් කහ තොගයක් අත්අඩංගුවට ගනිති

වන්නි ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 54 වන සේනාංකයට අයත් 8 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ සහ 3 වන කමාන්ඩෝ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් ඉකුත් සදුදා (28) දින මන්නාරම, කොන්ඩච්චි ප්‍රදේශයේ සිදුකල ඒකාබද්ධ මෙහෙයුමකදී රුපියල් මිලියන 3.7 ක වටිනාකමකින් යුත් කහ කිලෝග්‍රෑම් 946 ක් අත්අඩංගුවට ගෙන ඇත.

රාත්‍රි මුර සංචාරයේ යෙදි සිටි යුද්ධ හමුදා සාමාජිකයන් පිරිසකට මෙම සැක කටයුතු පුද්ගලයා නිරීක්‍ෂණය වීමත් සමඟ භටපිරිස් ඔහුගෙන් කරුණු විමසීමට උත්සහ කළ අවස්ථාවේදී සැකකරු පලා යාමට උත්සහ කර ඇත. එහිදි ක්‍රියාත්මක වූ භටපිරිස් විසින් මෙම නාදුනන සැකකරු අත්අඩංගුවට ගෙන ප්‍රශ්ණ කිරිමේදී ඔහු ලබාදුන් තොරතුරකට අනුව මෙම කහ තොගය සොයා ගැනීමට යුද්ධ හමුදා සාමාජිකයන්ට හැකි වී තිබිණි.

යුද්ධ හමුදා භටපිරිස් විසින් අත්අඩංගුවට ගනු ලැබු කහ තොගය සහ එම සැකකරු පිළිබඳ වැඩිදුර පරීක්‍ෂණ කටයුතු සඳහා මන්නාරම පොලිසිය වෙත භාර දී ඇත. best Running shoes | Hats to Match Jordans Hyper Royal Bulls Hat