Header

Sri Lanka Army

Defender of the Nation

29th September 2020 12:10:26 Hours

නව උපකරණ මාස්ටර් ජෙනරාල් රාජකාරී අරඹයි

බුද්ධි අධ්‍යක්‍ෂ ජෙනරල් හා සන්නද්ධ බුද්ධි බලකායේ රෙජිමේන්තු අධිපති ලෙස කටයුතු කරන මේජර් ජෙනරල් ශාන්ත හේවාවිතාරණ යුද්ධ හමුදා මුලස්ථානයේ 26 වන උපකරණ මාස්ටර් ජෙනරල් ලෙස ඉකුත් අඟහරුවාදා (29) දින සිය ධූරයේ රාජකාරි කටයුතු ආරම්භ කළේය.

බෞද්ධ ආගමික වතාවත් මධ්‍යයේ සංකේතාත්මක නිල ලේඛණයකට අත්සන් තබමින් නව උපකරණ මාස්ටර් ජෙනරල් එම ධූරයේ රාජකාරි කටයුතු භාරගැනීම සනිටුහන් කරන ලදී.

මෙම අවස්ථාව සඳහා එම ශාඛාවේ මාණ්ඩලික නිලධාරීන් ඇතුළු සෙසුනිලයින් රැසක් ද සහභාගි වූහ. trace affiliate link | Upcoming 2021 Nike Dunk Release Dates - Iebem-morelos