Header

Sri Lanka Army

Defender of the Nation

28th September 2020 15:55:29 Hours

නික්ම යන රෙජිමේන්තු අධිපති වෙත ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ ගෞරවාචාරය පිරිනැමේ

ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවෙහි රෙජිමේන්තු අධිපති ලෙස රාජකාරී කළ වත්මන් යුද හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් රසික ප්‍රනාන්දු වෙත ඉකුත් සෙනසුරාදා (26) දින කුරුණෑගල, වැහැර පිහිටි එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ සහ සම්මාන මුර පෙළපාලියේ ගෞරවාචාරය පුද කරන ලදී.

මෙම අචාර පෙළපාලිය රෙජි‍මේන්තු මධ්‍යස්ථාන සරඹ භූමියේදී පැවැත් වූ අතර, ඒ සඳහා රෙජිමේන්තුවේ නිලධාරීන් සහ සෙසුනිලයන් රැසක් සහභාගී වූහ.

පසුව භට පිරිස් ඇමතු මේජර් ජෙනරල් රසික ප්‍රනාන්දු සිය ධුර කාලය තුළ තමාට ලබා දුන් සහයෝගය වෙනුවෙන් සියළු නිලයන් වෙත සිය කෘතඥතාවය පළ කළේය.

එදින සන්ධ්‍යාවේ නික්ම යන රෙජිමේන්තුවේ අධිපතිතුමන් සහ ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළු සේවා වනිතා ඒකකයේ සභාපති මායා ප්‍රනාන්දු මහත්මිය වෙනුවෙන් විශේෂ භෝජන සංග්‍රහයක් පැවැත්විණි. එහිදී, නික්ම යන රෙජිමේන්තු අධිපතිතුමන් ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ සභා සාමාජිකයින්ට, සියලුම මාණ්ඩලික නිලධාරීන්ට සහ සිය ධුර කාලය තුළ උපරිම සහයෝගය ලබා දුන් සියලුම අණදෙන නිලධාරීන්ට සිය කෘතඥතාව පළ කර සිටියේය.

මේජර් ජෙනරල් රසික ප්‍රනාන්දු 2020 සැප්තැම්බර් මස 27 වන දින ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ සියලුදෙනා අතර මතකයක් ඉතිරි කරමින් සිය ධුරයෙන් නික්ම ගියේය. මේජර් ජෙනරාල් රසිකා ප්‍රනාන්දු ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුව වෙනුවෙන් කරන ලද අගනා සේවයට උපහාරයක් දක්වමින් රෙජිමේන්තු මධ්‍යස්ථානයෙන් නික්ම යන අවස්ථාවේ මාර්ගය දෙපස සිටි භටපිරිස් සිය ගෞරවාචාරය එතුමන් වෙත පුද කළහ. bridge media | Nike Air Max 270