Header

Sri Lanka Army

Defender of the Nation

26th September 2020 16:27:06 Hours

මුලතිව් භටපිරිස් වෙරළ තීරය පිරිසිදු කිරීමට දායක වෙති

ජාතික වෙරළ පිරිසිදු කිරීමේ දිනයට සමගාමීව මුලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 59 සහ 68 වන සේනාංක යටතේ සේවයේ නියුතු භටපිරිස්, සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරිය සමඟ එක්ව ඉකුත් සිකුරාදා (25) දින මූලතිව් වෙරළ තීරය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක් දියත් කරන ලදී.

මෙම වැඩසටහන ජාත්‍යන්තර වෙරළ පිරිසිදු කිරීමේ දිනයට (සැප්තැම්බර් මස 19) සහ ජාතික සමුද්‍ර සම්පත් සංරක්‍ෂණ සතියට (සැප්තැම්බර් මස 19 සිට 25 දක්වා) සමගාමීව පැවැත්විණි.

මුලතිව් ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් ජගත් රත්නායක ගේ අධීක්‍ෂණය යටතේ පැවැත්වුණු මෙම වැඩසටහන වෙනුවෙන් යුද්ධ හමුදා භටපිරිස් 100 දෙනෙකු සිය ශ්‍රම දායකත්වය දැක්වූහ. Adidas footwear | Klær Nike