Header

Sri Lanka Army

Defender of the Nation

26th September 2020 17:00:14 Hours

53 වන සේනාංකයේ සේනාංකාධිපති සිය බලප්‍රදේශයේ සංචාරයක නියැලෙනි

53 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් නිශාන්ත මානගේ සිය ධූරයේ රාජකාරී භාරගැනීමෙන් අනතුරුව පසුගියදා සිය බලප්‍රදේශයේ පිහිටි 532 වන සහ 533 වන බලසේනා මුලස්ථානයන්හි සංචාරයක නිරත විය.

මෙම සංචාරය අතරතුර, සේනාංකාධිපතිතුමන් 533 වන බලසේනා මුලස්ථානය, 8 වන ගජබා රෙජිමේන්තුව, 532 වන බලසේනා මුලස්ථානය (ගුවන් සංක්‍රමික බලසේනාව) සහ බෝගොඩ ගුවන් සංක්‍රමික පුහුණු පාසල සැප්තැම්බර් මස 24 සහ 26 දිනයන් හිදි නිරික්‍ෂණය කරන ලදී.

එම මූලස්ථානයන් වෙත සපැමිණි සේනාංකාධිපතිතුමන් හට කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනැමීමෙන් අනතුරුව මෙම සංචාරය සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රයන්හී පැළ රෝපණය කළ සේනාංකාධිපතිතුමන් සියළු නිල තේපැන් සංග්‍රහයන්ට ද එක්විය. මෙම සංචාරය අතරතුරදී ප්‍රදේශයේ වගකිවයුතු නිලධාරින් විසින් සේනාංකාධිපතිතුමන් සඳහා අදාල ප්‍රදේශයන් හා අංශයන් පිළිබඳ හැදින්විම් සිදුකරන ලදී. Sport media | Nike sneakers