Header

Sri Lanka Army

Defender of the Nation

25th September 2020 17:30:40 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ භටපිරිස් විසින් කන්තලේ ප්‍රදේශයේ පිහිටි ගොවි පොලෙහි අස්වනු නෙලති

1 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ භටපිරිස් අස්වැද්දු කන්තලේ - ඇල්ල ප්‍රදේශයේ කුඹුරු අස්වනු නෙළිමේ කටයුතු ඉකුත් සෙනසුරාදා (19) දින පූරාණ සම්ප්‍රදායික චාරිත්‍ර වාරිත්‍රවලට අනුකූලව සිදු ක‍ළේය.

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සංකල්පයකට අනුව ක්‍රියාවට නැංවූ ‘තුරු මිතුරු නව රටක්’ ව්‍යාපෘතියට සමගාමීව 1 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ භටපිරිස් විසින් ප්‍රදේශයේ පූරන් වූ කුඹුරු අස්වද්දා පුරා මාස හතරක පමණ කාලයකට පසු මෙලෙස අස්වනු නෙළා ගන්නා ලදී.

1 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ නිලධාරී අණදෙන මේජර් ඒ.සී. ප්‍රසන්න ලබාදුන් උපදෙස් මත මෙලෙස සංවිධානය කරනු ලැබූ අස්වනු නෙළිමේ උත්සවය සඳහා ප්‍රදේශයේ පාසල් සිසුන්, 222 බලසේනාවේ නිලධාරීන්, අනෙකුත් බළඇණිවල නිලධාරීන්, කන්තලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන්, මහවැලි සංවර්ධන අධිකාරියේ නිලධාරින්, ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරින්, දේශීය ගොවි ප්‍රජා හා සමිති නිලධාරීන් ඇතුළු යුද්ධ හමුදා නිලධාරීන් සහ සෙසුනිලයින් රැසක් සහභාගි වුහ.

පූරණ සම්ප්‍රදායික චාරිත්‍ර වාරිත්‍රවලට අනුකූලව පැවැති මෙම අස්වැන්න නෙළීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 1 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් සී.එස්. දෙමුණි සහභාගි විය. මෙම අවස්ථාව අලංකාරවත් කරමින් ‘ගැමි ගෙදරක’ අනුරුවක් ද එම ස්ථානයේ ප්‍රදර්ශනය කර තිබුණේය. Buy Sneakers | Nike for Men