Header

Sri Lanka Army

Defender of the Nation

25th September 2020 17:35:40 Hours

නුදුරේදී යුද්ධ හමුදා දිවියෙන් නික්මයන මේජර් ජෙනරල් රන්දුල හත්නාගොඩ වෙත ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ ගෞරවාචාර පිරිනැමෙයි

යුද්ධ හමුදාව වෙනුවෙන් අමිල මෙහෙවරක් සිදු කර නුදුරේදී යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම යෑමට නියමිත 64 වන සේනාංකයේ සේනාංකාධිපති ලෙස කටයුතු කළ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීයෙකු වන මේජර් ජෙනරල් රන්දුල හත්නාගොඩ වෙනුවෙන් ගෞරවාචාරය පිරිනැමිමේ උත්සවයක් අඹේපුස්ස පිහිටි ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මූලස්ථානයේදී ඉකුත් සෙනසුරාදා (20) දින අති උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.

සිය රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත සපැමිණි මේජර් ජෙනරල් රන්දුල හත්නාගොඩ වෙත ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානූකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනැමිය. අනතුරුව, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ නියෝජ්‍ය සේනාවිධායක කර්නල් දුලිත් පෙරේරා විසින් එතුමන්ව පිළිගෙන සම්මාන පෙළපාලියේ ගෞරවාචාරය පිරිනැමීම සඳහා එම රෙජිමේන්තු මූලස්ථානයේ සරඹ භූමිය වෙත එතුමන් කැටුව යනු ලැබීය. එහිදි, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ධම්මික දිසානායක විසින් එතුමන්ව උණුසුම් අයුරින් පිළිගනු ලැබීණි. අනතුරුව එතුමන් සිය රෙජිමේන්තුවේ භටපිරිස් අමතමින් අතීත මතක සටහන් සිහිපත් කල ජ්‍යෙෂ්ඨ නිලධාරී රෙජිමේන්තුවේ නාමය ආරක්‍ෂා කිරිමේ වැදගත්කම පිළිබඳව අවධාරණය කළේය.

අනතුරුව, එතුමන් මාතෘභූමියේ ඒකීයභාවය වෙනුවෙන් දිවිපිදූ වීරෝදාර රණවිරුවන් සිහිපත් කරමින් එම රෙජිමේන්තුවේ පිහිටි රණවිරු ස්මාරකය අභියස පුෂ්පෝපහාර දැක්වමින් දිවිපිදු රණවිරුවන්ට සිය අචාරය පුද කළේය.

නික්මයන ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන් වෙත ගෞරවාචාර පුදකිරිමෙන් අනතුරුව බළලත් නිලධාරි හා සැරයන් නිවස්නයේ පැවති සියළු නිල තේ පැන් සංග්‍රහයකට ද එතුමන් සහභාගී විය.

නික්මයන ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන් වෙනුවෙන් එම රෙජිමේන්තු මූලස්ථානයේ පැවති රාත්‍රී භෝජන සංග්‍රහයකට (Guest Night) යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ඔවුන්ගේ භාර්යාවන් ද සහභාගී වූ අතර, එම අවස්ථාවට ප්‍රධාන ආරධිත අමුත්තන් ලෙස සපැමිණි මේජර් ජෙනරල් රන්දුල හත්නාගොඩ සහ එම මැතිණිය වන ආශා මනෝහරි විජේරත්න මහත්මිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් හේමන්ත බණ්ඩාර සහ 61 වන සේනාංකයේ සේනාංකාධිපති විසින් ඉතා උණූසුම් අයුරින් පිළිගනු ලැබීණි. affiliate link trace | nike fashion