Header

Sri Lanka Army

Defender of the Nation

25th September 2020 17:25:40 Hours

54 වන සේනාංකයේ සංවත්සවරය සමගාමීව වල්පත්තුව රක්‍ෂිතයේ රුක් රෝපණ ව්‍යාපෘතියක්

යුද්ධ හමුදාව විසින් දියත් කරනු ලබන ‘තුරු මිතුරු නව රටක්’ ව්‍යාපෘතියට යටතේ අඟහරුවාදා (22) දිනට යෙදී තිබුණු 54 වන සේනාංක මුලස්ථානයේ 10 වන සංවත්සරයට සමගාමීව එම සේනාංකයේ භටපිරිස් වල්පත්තුව රක්‍ෂිතයේ මී, කොහොඹ, සියඹලා, කැටකාල, මයිල, කුඹුක් ඇතුළු දුර්ලභ පැළැටි 325 ක් රෝපණය කළහ.

මෙම රුක් රෝපණ ව්‍යාපෘතිය වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් ධම්මික ජයසිංහ ගේ අධීක්‍ෂණය යටතේ ක්‍රියාවට නැංවිණු අතර එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 54 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඉන්ද්‍රජිත් බණ්ඩාර සහභාගී වූ අතර මෙම ව්‍යාපෘතිය 542 වන බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ අධීක්‍ෂණය යටතේ 8 වන විජයබාහු පබාල රෙජිමේන්තුවේ නිලධාරීන් සහ සෙසුනිලයින් විසින් සංවිධානය කරන ලදී.

මෙම අවස්ථාව සඳහා 542 බලසේනාවේ නිලධාරීන්, 8 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී සහ සෙසුනිලයින් සහභාගී වූහ. Buy Sneakers | nike fashion