Header

Sri Lanka Army

Defender of the Nation

25th September 2020 17:20:40 Hours

61 වන සේනාංකයේ 13 වන සේනාංකාධිපති සිය ධූරයේ රාජකාරි අරඹයි

බූස්ස පිහිටි 61 වන සේනාංකයේ 13 වන සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරල් සංජය වනසිංහ සැප්තැම්බර් මස 24 දින බෞද්ධ ආගමික වතාවත් මධ්‍යයේ පැවැති හමුදා සම්ප්‍රදායානුකූල උත්සවයකදී සිය රාජකාරි කටයුුතු ආරම්භ කරනු ලැබීණි.

61 වන සේනාංක මූලස්ථාන පරිශ්‍රය වෙත සපැමිණි නව සේනාංකාධිපතිතුමන්, එම සේනාංකය යටතේ ස්ථාපිත බලසේනාවන්හි බලසේනාධිපතිවරුන් සහ මාණ්ඩලික නිලධාරින් විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගැනිමෙන් අනතුරුව 14 වන ගැමුණු හේවා බළඇණියේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානූකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය සහ සම්මාන ආචාර මුරයේ ගෞරවාචාරය එතුමන් වෙත පිරිනමන ලදී.

පසුව, මේජර් ජෙනරල් සංජය වනසිංහ ‘සෙත් පිරිත්’ සජ්ඣායනා මධ්‍යයේ සංකේතාත්මක නිල ලේඛණයකට අත්සන් තබමින් සිය රාජකාරි කටයුතු භාරගනු ලැබීම සනිටුහන් කරන ලදී. මෙම අවස්ථාවට එම සේනාංකයේ මාණ්ඩලික නිලධාරින් කිහිපදෙනෙකු ද සහභාගි වූහ.

සිය නව ධූරයේ රාජකාරි කටයුතු ආරම්භ කිරීම සංකේතවත් කරමින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කළ නව සේනාංකාධිපතිතුමන් සමූහඡායා රූපයකට ද පෙනීසිටිය. පසුව, එම සේනාංකය යටතේ සේවයේ නියුතු සියලුදෙනා ඇමතූ නව සේනාංකාධිපතිතුමන් සිය ඉදිරි දැක්ම පිළිබඳ සියලුදෙනා දැනුවත් කළේය.

පසුව පැවැති සියළු නිල තේපැන් සංග්‍රහයත් සමගින් රාජකාරි භාරගැනීමේ උත්සවය නිමාවට පත්වූ අතර එම අවස්ථාව සඳහා බලසේනාධිපතිවරුන්, 61 වන සේනාංකයේ මාණ්ඩලික නිලධාරීන්, අණදෙන නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයින් රැසක් සහභාගී වූහ. Sports brands | Sneakers