Header

Sri Lanka Army

Defender of the Nation

25th September 2020 10:12:37 Hours

යුද්ධ හමුදා භටපිරිස් ජෙලිෆිෂ් තොගයක් සමඟ බස් කොන්දොස්තරවරයෙක් ද අත්අඩංගුවට ගනී

වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 54 වන සේනාංකය යටතේ ඇති 542 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 15 වන (ස්වේච්ඡා) ගැමුණු හේවා බලඇණියට අනුයුක්තව මන්නාරම කුංචිකුලම මාර්ග බාධකයේ රාජකාරි කරමින් සිටි භටපිරිස් විසින් ඉකුත් බ්‍රහස්පතින්දා (24) දින රාත්‍රී 10.30 ට පමණ ශ්‍රී ලංගම බස් රථයක සඟවා කොළඹට රැගෙන යමින් සිටි ජෙලිෆිෂ් කිලෝග්‍රෑම් 50 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මන්නාරම තාරපුරම් ලෙබ්බේ පටුමගේ පදිංචි අත්අඩංගුවට ගත් මෙම සැක කටයුතු පුද්ගලයා එම ශ්‍රී ලංගම බස් රථයේම කොන්දොස්තරවරයා වන අතර, රුපියල් 6,25,000 ක් පමණ වටිනා ජෙලිෆිෂ් වර්ගයේ මාළු තොගය සම්බන්ධයෙන් මේවන විටත් පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇත. latest Running | 【発売情報】 近日発売予定のナイキストア オンライン リストックまとめ - スニーカーウォーズ