Header

Sri Lanka Army

Defender of the Nation

24th September 2020 14:23:50 Hours

කොවිඩ්-19 වෛරසය ආසාදනය වී පූර්ණ සුවය ලැබු තවත් පුද්ගලයින් 11 දෙනෙකු රෝහල්වලින් පිටව ගොස් ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි

අද (24) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාව තුලින් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් එකොලොස් දෙනෙකු (11) හඳුනාගෙන තිබෙනවා. එම පුද්ගලයින් එකොලොස් දෙනා (11) අතරින් සෞදි අරාබියේ සිට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු (02) වැලිසර නිරෝධායටන මධ්‍යස්ථානය තුළින් ද, ඩුබායි සිට පැමිණි පුද්ගලයින් හත් දෙනෙකු (07) හම්බන්තොට හොටෙල් ශැන්ගිරිල්ලා, බියගම විලේජ් හොටෙල් සහ දියගම ක්‍රීඩා ​සංකීර්ණ‍ය යන නිරෝධායන මධ්‍ය‍ස්ථානයන් තුලින් ද, ඉතියෝපියාවේ සිට පැමිණි එක් පුද්ගලයෙකු (01) හොටෙල් ඩොල්ෆින් නිරෝධායන මධ්‍ය‍ස්ථානයෙන් සහ රුසියාවේ සිට පැමිණි එක් පුද්ගලයෙකු (01) මාතර අමලෝ බුටික් රිසෝට් නිරෝධායන මධ්‍ය‍ස්ථානයෙන් වාර්තා වන බව කොවිඩි-19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික මධ්‍යස්ථානය සඳහන් කරයි.

අද (24) දින උදෑසන වනවිට කන්දකාඩු සහ සේනපුර මත්ද්‍රව්‍ය නිවාරණ, ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයන්ට සම්බන්ධ සියළු ආසාදිතයින් සංඛ්‍යාව 650 දෙනෙකු වේ.

අද (24) දින උදෑසන EY 264 දරණ මගී ගුවන් යානය මගින් අබුඩාබි සිට පුද්ගලයින් හය දෙනෙකු (06) ද, QR 668 දරණ මගී ගුවන් යානය මගින් දෝහා සිට පුද්ගලයින් හැට තුන් දෙදෙනකු (63) ද, UL 226 දරණ මගී ගුවන් යානය මගින් ඩුබායි සිට පුද්ගලයින් දෙසීය අසු හත් දෙනෙකු (287) මෙරටට පැමිණ ඇත. එසේ පැමි‍ණෙන පුද්ගලයින් සියළුදෙනා ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළ නිරෝධායන කටයුතු සඳහා යොමු කිරීමට කටයුතු සූදානම් කර ඇත.

අද (24) දිනය තුළදී ද ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුලින් පුද්ගලයින් දෙසීය පස් දෙනෙකු (205) තම නිරෝධායන කටයුතු අවසන් කර නිවෙස් වෙත පිටත්ව යාමට නියමිතයි. ඒ අනුව, නිපුන බූස්ස නිරෝධායන මධ්‍යස්ථානය තුලින් පුද්ගලයින් තුන් දෙනෙකු (03) ද, මිහින්තලේ නිරෝධායන මධ්‍යස්ථානය තුලින් පුද්ගලයින් දාහ අට දෙනෙකු (18) ද, කල්පිටිය රුවල රිසෝට් නිරෝධායන මධ්‍යස්ථානය තුළින් එක් පුද්ගලයෙකු (01) ද, හොටෙල් ජෙට්වින් සී නිරෝධායන මධ්‍යස්ථානය තුලින් පුද්ගලයින් දෙදෙනෙකු (02) ද, හොටෙල් ඩොල්ෆින් නිරෝධායන මධ්‍යස්ථානය තුළින් පුද්ගලයින් තිස් දෙදෙනෙකු (32) ද, හොටෙල් අමාරි නිරෝධායන මධ්‍යස්ථානය තුළින් පුද්ගලයින් විසි හය දෙනෙකු (26) ද, ඉන්දුරුව නිරෝධායන මධ්‍යස්ථානය තුළින් පුද්ගලයින් අසු එක් දෙනෙකු (81) ද, දික්වැල්ල නිරෝධායන මධ්‍යස්ථානය තුළින් පුද්ගලයින් එකොලොස් දෙනෙකු (11) ද, දියතලාව නිරෝධායන මධ්‍යස්ථානය තුළින් පුද්ගලයින් විසි දෙනෙකු (20) සහ පල්ලේකැලේ නිරෝධායන මධ්‍යස්ථානය තුලින් පුද්ගලයින් එකොලොස් දෙනෙකු (11) වශයෙන් වේ. එසේම, අද (24) දිනය වනවිට පුද්ගලයින් 44,115 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර තම නිවෙස් වෙත පිටව ගොස් ඇත.

එසේම, අද (24) දිනය වනවිට ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 68 ක් තුළ පුද්ගලයින් 6,927 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටියි.

ඊයේ (23) දිනය තුලදී PCR පරික්‍ෂණ 1600 ක් සිදුකර ඇති අතර, මේ වනවිට ශ්‍රී ලංකාව තුළ PCR පරික්‍ෂණ 273,708 ප්‍රමාණයක් සිදුකර ඇත.

අද (24) දින උදෑසන 0600 වනවිට පුද්ගලයින් එකොලොස් දෙනෙකු (11) පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර එම පුද්ගලයින් එකොලොස් දෙනා (11) විදේශයන්හි සිට මෙරටට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානයන්හී නිරෝධායන කටයුතු වල නිරතව සිටි පුද්ගලයින් ලෙස වාර්ථා වේ.

එසේම, කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයට සම්බන්ධ පුද්ගලයින් 646 දෙනෙකු මේ වනවිට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත. දැනට එම මධ්‍යස්ථානයට සම්බන්ධව ප්‍රතිකාර ලබන සම්පූර්ණ කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් සංඛ්‍යාව 04 දෙනෙකු වේ. best Running shoes | Men’s shoes