Header

Sri Lanka Army

Defender of the Nation

18th September 2020 12:40:26 Hours

‘සුව ධරණි’ රුක් රෝපණ වැඩසටහන සඳහා දිවයින පුරා පිහිටි යුද්ධ හමුදා ආරක.ෂක සේනා මුලස්ථාන අත්වැල් බැදගනිති

‘ජාතික ඔසු දිනයට’ සමගාමීව යුද්ධ හමුදා මුලස්ථානයෙන් ආරම්භ කරන ලද ‘සුව ධරණි’ ජාතික වැඩසටහන යටතේ ආරක්‍ෂක සේනා ආඥාපතිවරුන්, සේනාංකාධිපතිවරුන්, බලසේනාධිපතිවරුන් සහ අණදෙන නිලධාරින්ගේ උපදෙස් මත භටපිරිස් විසින් ඉකුත් බ්‍රහස්පතින්දා (17) දින දිවයින පුරා පිහිටි යුද්ධ හමුදා කඳවුරු තුළ ඖෂධීය වටිනාකමකින් යුතු පැළ රෝපණය කිරීමේ ව්‍යාපෘතියක් දියත් කරන ලදී.

ඒ අනුව, භටපිරිස් පනාගොඩ පිහිටි බටහිර ආරක්‍ෂක සේනා මුලස්ථාන පරිශ්‍රයේ මී, බුලු, නෙල්ලි සහ දෙළුම් ඇතුළු ඖෂධිය වටිනාකමකින් යුතු පැළ 30 කට අධික ප්‍රමාණයක් රෝපණය කරන ලදී. මෙම අවස්ථාවට බටහිර ආරක්‍ෂක සේනා ආඥාපති නියෝජනය කරමින් බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී බ්‍රිගේඩියර් නලින් කොස්වත්ත, බ්‍රිගේඩියර් පාලන හා භඨකාර්ය සම්පාදන නිලධාරී බ්‍රිගේඩියර් ජගත් නිශාන්ත සහභාගි වූ අතර එම ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ සේවයේ නියුතු භටපිරිස් මෙම වැඩසටහන සාර්ථක කරගැනීම සඳහා සිය ශ්‍රමදායකත්වය ලබාදුන්හ.

ඒ හා සමානව, මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් කීර්ති කොස්තා ලබාදුන් උපදෙස් මත එම ආරක්‍ෂක සේනා මුලස්ථාන පරිශ්‍රයේ ඖෂධිය වටිනාකමින් යුත් පැළ සියයකට අධික ප්‍රමාණයක් එදිනම (17) රෝපණය කරනු ලැබීය. Nike air jordan Sneakers | Nike Air Max 270