Header

Sri Lanka Army

Defender of the Nation

11th September 2020 14:00:26 Hours

පුනරින් ප්‍රදේශයේ අපොස (සා/පෙළ) සිසු සිසුවියන් වෙනුවෙන් යුද්ධ හමුදාවේ සම්බන්ධීකරණයෙන් තවත් උපදේශන වැඩමුළුවක් පැවැත්වෙයි

එළඹෙන අපොස (සා/පෙළ) විභාගය වෙනුවෙන් පෙනී සිටින පූනරින් ප්‍රදේශයේ පාසල් සිසු සිසුවියන්ගේ අධ්‍යාපනයට සවියක් වීමේ අරමුණින් 66 වන සේනාංක මූලස්ථානය යටතේ ස්ථාපිත 661 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 5 වන (ස්වෙච්ඡා) යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ සම්බන්ධීකරණයෙන් සැප්තැම්බර් මස 4 දින පූනරින් මධ්‍ය විද්‍යාලයේදී උපදේශන වැඩමුළුවක් පවත්වනු ලැබිණි.

66 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු ගේ උපදෙස් මත 661 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ශාන්ත හේවගේ ගේ අධීක්‍ෂණය යටතේ සංවිධානය කරනු ලැබූ මෙම අධ්‍යාපනික වැඩමුළුව වෙනුවෙන් පාසල් සිසු සිසුවියන් 31 දෙනෙකු සහභාගී වූහ.

මෙම වැඩමුළුව වෙනුවෙන් ජාතික සමගිය හා සංහිඳියාව කාර්යාලයේ හිටපු කිළිනොච්චි දිස්ත්‍රික් සම්බන්ධීකරණ නිලධාරි කේ. මකීපන් (K. Makeepan) මහතා, පුහුණු ඩිප්ලෝමාධාරින් වන ජී. වෑන්සෙලින් (G. Vanceline) මහත්මිය සහ එස්. ශාන්තකලා (Mrs S. Shanthakala) මහත්මිය සහ උපාධිධාරිනියක වන ආර්. කේතුජා (R. Kethuja) මහත්මිය ද පුහුණුකරුවන් ලෙස ක්‍රියාකාරීව සිය දායකත්වය දැක්වූහ.

මෙම වැඩමුළුව අවසානයේ දී එම විද්‍යාලයේ විදුහල්පති, ගුරුවරුන් සහ එම විද්‍යාලයේ සිසු සිසුවියන් යුද්ධ හමුදා සාමාජිකයින් වෙත සිය කෘතඥතාවය පළ කළහ.

මෙම වැඩමුළුව පැවැත්වීම සඳහා අවශ්‍ය මාර්ගෝපදේශයන් කිළිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සම්පත් කොටුවේගොඩ විසින් සපයනු ලැබිණි. Sports Shoes | Patike – Nike Air Jordan, Premium, Retro Klasici, Sneakers , Iicf