Header

Sri Lanka Army

Defender of the Nation

11th September 2020 14:32:26 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ නව කර්නල් සේනාවිධායක රාජකාරී අරඹයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ 20 වන කර්නල් සේනාවිධායක ලෙස මේජර් ජෙනරාල් ප්‍රියන්ත පෙරේරා ඉකුත් බ්‍රහස්පතින්දා (08) දින බොරැල්ල ශ්‍රී ලංකා යුද්ධ හමුදා කන්තා බලකා රෙජිමේන්තු මූලස්ථානයේදී ආගමික වතාවත් මධ්‍යයේ හමුදා සම්ප්‍රදායානුකූලව රාජකාරි භාරගනු ලැබිණි.

රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රය වෙත සපැමිණි නව සේනාවිධායක තුමා වෙත එම බලකා භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනැමීමෙන් අනතුරුව, ශ්‍රී ලංකා කාන්තා බලකා මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගෙඩියර් ජානක රත්නායක විසින් එතුමන් උණුසුම් අයුරින් පිළිගනු ලැබිණි.

ඉන් අනතුරුව, නව කර්නල් සේනාවිධායකතුමන් මහා සංඝ රත්නයේ ‘සෙත් පිරිත්’ සජ්ඣායනා මධ්‍යයේ සංකේතාත්මක නිල ලේඛණයකට අත්සන් තබමින් සිය රාජකාරි භාරගැනීම සනිටුහන් කරනු ලැබිණි.

පසුව, ශ්‍රී ලංකා කාන්තා බලකායෙහි භටපිරිස් ඇමතු නව කර්නල් සේනාවිධායකතුමන් එම කඳවුරු පරිශ්‍ර‍යේ පැවත් වු සියළු නිල තේ පැන් සංග්‍රහයක් සඳහා සහභාගී විය. පසුව, රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රය තුළ සිදු කරනු ලබන නව ඉදිකිරීම් කටයුතු ද එතුමන් පරීක්ෂා කළේය.

මීට පෙර ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා, කර්නල් සේනාවිධායක ධූරය හෙඹ වූ මේජර් ජෙනරල් ප්‍රසන්න චන්ද්‍රසේකර විශ්‍රාම යාමෙන් අනතුරුව එම ධුරයේ මේජර් ජෙනරාල් ප්‍රියන්ත පෙරේරා රාජකාරි භාරගනු ලැබීය. Running sport media | Women's Nike Air Max 270 trainers - Latest Releases