Header

Sri Lanka Army

Defender of the Nation

10th September 2020 23:26:23 Hours

53 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන් 532 වන බලසේනාවේ සංචාරයක

53 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ප්‍රියන්ත සේනාරත්න 532 වන බලසේනාවෙහි සිය පළමු නිල සංචාරය ඉකුත් සඳුදා (07) දින සිදුකරන ලදී.

එම බලසේනාව වෙත සපැමිණි සේනාංකාධිපතිතුමන් 532 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් දිනේෂ් උඩුගම විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ (Drive - Pass) සහ සම්මාන මුරයේ ගෞරවාචාරය එතුමන් වෙත පිරිනමනු ලැබිණි.

53 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන් වෙත 532 වන බලසේනා සංචාරයේදී භටපිරිස් ඇමතීම හා රුක් රෝපණයක්ද සිදුකරන ලදී.

ඉන් අනතුරුව, එතුමන් බලසේනා පරිශ්‍රය තුළ නවතමයෙන් ඉදිකරනු ලැබූ බෝධිප්‍රකාරය විවෘත කරනු ලැබූ අතර බලසේනා මූලස්ථානය වෙත ලබාදීමට යෝජිත නල ජල පද්ධතිය හා එහි සැලසුම් ක්‍රියාවලිය පරික්‍ෂා කරනු ලැබීය.

පසුව, මේජර් ජෙනරාල් ප්‍රියන්ත සේනාරත්න ජ්‍යේෂ්ඨ නිලධාරින් සහ අණදෙන නිලධාරින් සමඟින් සියළු නිල තේ පැන් සංග්‍රහයක් සඳහා එක්වූ අතර, මෙම සංචාරයේ අවසානය සනිටුහන් කරමින් එම බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් දිනේෂ් උඩුගම විසින් මේජර් ජෙනරල් ප්‍රියන්ත සේනාරත්න වෙත විශේෂ සමරු තිළිණයක් ද ප්‍රදානය කරනු ලැබිණි.

සංචාරයේ නිරත සේනාංකාධිපතිතුමන් එම බලසේනාවේ විශේෂ අමුත්තන්ගේ සමරු සටහන් පොතේ සමරු සටහනක් තැබීමෙන් අනතුරුව බලසේනා මූලස්ථාන පරිශ්‍රයෙන් නික්මෙන ලදී.

මෙම අවස්ථාව සඳහා නිලධාරින් සහ සෙසු නිලයින් රැසක් ද සහභාගී වූහ. short url link | Jordan Ανδρικά • Summer SALE έως -50%