Header

Sri Lanka Army

Defender of the Nation

07th September 2020 17:00:01 Hours

අපොස (සා/පෙළ) සිසු සිසුවියන් වෙනුවෙන් යුද්ධ හමුදාවේ සම්බන්ධීකරණයෙන් උපදේශන සහය ලබාදෙති

එළඹෙන අපොස (සා/පෙළ) විභාගය වෙනුවෙන් පෙනී සිටින පූනරින් ප්‍රදේශයේ පාසල් සිසු සිසුවියන් වෙත උපකාර කිරීමේ අරමුණින් 66 වන සේනාංක මූලස්ථානය යටතේ ස්ථාපිත 661 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 5 වන (ස්වෙච්ඡා) යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ සම්බන්ධීකරණයෙන් සැප්තැම්බර් මස 4 දින උපදේශන වැඩමුළුවක් පවත්වනු ලැබිණි.

66 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු ගේ උපදෙස් මත 661 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ශාන්ත හේවගේ ගේ අධීක්‍ෂණය යටතේ සංවිධානය කරනු ලැබූ මෙම හරවත් වැඩමුළුව වෙනුවෙන් පාසල් සිසු සිසුවියන් 44 දෙනෙකු සහභාගී වූහ.

පූනරින්, නාලන්කට්ටි ප්‍රදේශයේ පිහිටි විග්නේෂ්වර දමිළ මිශ්‍ර පාසලේ දී පැවැත්වුණු මෙම වැඩමුළුව වෙනුවෙන් ජාතික සමගිය හා සංහිඳියාව කාර්යාලයේ හිටපු කිළිනොච්චි දිස්ත්‍රික් සම්බන්ධීකරණ නිලධාරි කේ. මකීපන් (K. Makeepan) මහතා, පුහුණු ඩිප්ලෝමාධාරි ජී. වෑන්සෙලින් (G. Vanceline) මහත්මිය සහ එස්. ශාන්තකලා (Mrs S. Shanthakala) මහත්මිය සහ උපාධිධාරිනියක වන ආර්. කේතුජා (R. Kethuja) මහත්මිය ද පුහුණුකරුවන් ලෙස ක්‍රියාකාරීව සිය දායකත්වය දැක්වූහ.

මෙම වැඩමුළුව අවසානයේ දී එම විද්‍යාලයේ විදුහල්පති, ගුරුවරුන් සහ එම විද්‍යාලයේ සිසු සිසුවියන් යුද්ධ හමුදා සාමාජිකයින් වෙත සිය කෘතඥතාවය පළ කළහ.

මෙම වැඩමුළුව පැවැත්වීම සඳහා අවශ්‍ය මාර්ගෝපදේශයන් කිළිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සම්පත් කෝටුවේගොඩ විසින් පසයනු ලැබිණි. Authentic Nike Sneakers | Air Jordan 1 Retro High OG "UNC Patent" Obsidian/Blue Chill-White For Sale – Fitforhealth