Header

Sri Lanka Army

Defender of the Nation

10th September 2020 08:20:22 Hours

65 වන සේනාංකයේ නව සේනාංකාධිපති බ්‍රිගේඩියර් ටිකිරි දිසානායක රාජකාරි අරඹයි

කිළිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 65 වන සේනාංකයේ 12 වන සේනාංකාධිපති ලෙස බ්‍රිගේඩියර් ටිකිරි දිසානායක ඉකුත් අඟහරුවාදා (09) දින තුනුක්කායි පිහිටි එම සේනාංක මූලස්ථානයේදී ආගමික වතාවත් මධ්‍යයේ හා හමුදා සම්ප්‍රදායානුකූලව රාජකාරි භාරගනු ලැබිණි.

සේනාංක මූලස්ථාන පරිශ්‍රය වෙත සපැමිණි නව සේනාංකාධිපතිතුමන් වෙත 65 වන සේනාංකයේ භටපිරිස් විසින් කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනැමීමෙන් අනතුරුව එම සේනාංකයේ මාණ්ඩලික නිලධාරින් විසින් එතුමන් උණුසුම් අයුරින් පිළිගනු ලැබිණි.

ඉන් අනතුරුව, එම සේනාංකයේ මාණ්ඩලික නිලධාරින් ඉදිරිපිට දී බ්‍රිගේඩියර් ටිකිරි දිසානායක ‘සෙත් පිරිත්’ සජ්ඣායනා මධ්‍යයේ සංකේතාත්මක නිල ලේඛණයකට අත්සන් තබමින් සිය රාජකාරි භාරගැනීම සනිටුහන් කරනු ලැබිණි. පසුව, මෙම සංචාරය සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කළ නව සේනාංකාධිපතිතුමන් සියළු නිල තේ පැන් සංග්‍රහයක් සඳහා සහභාගී විය.

මෙම අවස්ථාව සඳහා 65 වන සේනාංකය යටතේ සේවයේ නියුතු බලසේනාධිපතිවරුන්, මාණ්ඩලික නිලධාරින්, අණදෙන නිලධාරින් සහ සෙසු නිලයින් රැසක් ද සහභාගී වූහ. affiliate link trace | NIKE HOMME