Header

Sri Lanka Army

Defender of the Nation

07th September 2020 14:00:01 Hours

12 වන පාබල හමුදා භටපිරිස් පොල් පැළ රෝපණය කිරීමේ ව්‍යාපෘතියක් අරඹති

මුලතිව් ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජගත් රත්නායක ගේ උපදෙස් පරිදි 59 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ප්‍රියන්ත ප්‍රනාන්දු ගේ මඟපෙන්වීම යටතේ 12 වන ශ්‍රී ලංකා පාබල හමුදා භටපිරිස් විසින් සැප්තැම්බර් මස 02 දින වට්ටප්පලේ ප්‍රදේශයේ පිහිටි කන්නගි අම්මාන් කොවිල් පරිශ්‍රය වටා පොල් පැළ සිටුවීමේ ව්‍යාපෘතියක් එම ඒකකයේ භටපිරිස් විසින් දියත් කරනු ලැබිණි.

මේ අතර, 12 වන සහ 23 වන ශ්‍රී ලංකා පාබල හමුදා සහ 24 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් සැප්තැම්බර් මස 05 දින වට්ටප්පලේ ප්‍රදේශයේ පිහිටි කන්නකි අම්මාන් කෝවිල සහ එහි අවට පරිසරය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන ව්‍යාපෘතියක් ද සිදුකරන ලදී. Nike sneakers | Men's Footwear