Header

Sri Lanka Army

Defender of the Nation

11th September 2020 10:42:46 Hours

විදේශයන්හී සිට පැමිණි තවත් පුද්ගලයින් අටදෙනෙකුට කොවිඩ් - 19 වෛරසය ආසාදනය වී ඇති බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය ප්‍රකාශ කරයි

අද (11) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාව තුලින් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 08 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් 08 දෙනා විදේශයන්හී සිට මෙරටට පැමිණි පුද්ගලයින් වන අතර, ඔවුන් අතරින් මාලදිවයිනේ සිට පැමිණි පුද්ගලයින් 05 දෙනෙකු කොග්ගල ලෝන් බීච් නිරෝධායන මධ්‍යස්ථානයෙන්ද, සිංගප්පූරුවේ සිට පැමිණි එක් පුද්ගලයෙකු (01) ආයුර්වේද රාජගිරිය නිරෝධායන මධ්‍යස්ථානයෙන්ද, සෞදි අරාබියේ සිට පැමිණි එක් පුද්ගලයෙකු (01) රාජගිරිය ආයුර්වේද නිරෝධායන මධ්‍ය‍ස්ථානයෙන් සහ ඩුබායි සිට පැමිණි එක් පුද්ගලයෙකු (01) හම්බන්තොට ෂැන්ග්‍රිලා හොටෙල් නිරෝධායන මධ්‍යස්ථානයෙන් ද වාර්ථා වන බව කොවිඩි-19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික මධ්‍යස්ථානය සඳහන් කරයි.

අද (11) දින උදෑසන වනවිට කන්දකාඩු සහ සේනපුර මත්ද්‍රව්‍ය නිවාරණ, ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයන්ට අදාළ සියළු ආසාදිතයින් සංඛ්‍යාව 649 දෙනෙකු වන අතර, ඔවුන්ගෙන් 528 දෙනෙකු පුනරුත්ථාපනය වන රැඳවියන් වන අතර, කාර්ය මණ්ඩල සාමාජිකයින් 67 ක්, ආගන්තුක කාර්ය මණ්ඩල සාමාජිකයින් 5 ක්, පවුලේ සාමාජිකයන් සහ සමීප මිතුරන් 48 දෙනෙකු සහ වැලිකඩ බන්ධනාගාරයේ දී ආසාදිත තැනැත්තා සමඟ සම්බන්ධතා පැවැත්වූ එක් පුද්ගලයෙකු වශයෙන් වාර්ථා වී ඇති බව එම මධ්‍යස්ථානය වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

අද (11) දින උදෑසන QR 668 දරණ මගී ගුවන් යානය මගින් දෝහා කටාර් සිට පුද්ගලයින් 67 දෙනෙකු, EK 648 දරණ මගී ගුවන් යානය මගින් ඩුබායි සිට පුද්ගලයින් 420 දෙනෙකු, SUS 7722A දරණ මගී ගුවන් යානය මගින් සෞදි අරාබියේ, රියාද් සිට පුද්ගලයින් 07 දෙනෙකු, UL 455 දරණ මගී ගුවන් යානය මගින් ජපානයේ, නරිටා සිට පුද්ගලයින් තිදෙනෙකු (03), මෙරටට පැමිණ ඇති අතර අද (11) දින මධ්‍යහනේ CE 9034 දරණ මගී ගුවන් යානය මගින් ඉන්දියාවේ, චෙන්නායි සිට පුද්ගලයින් පිරිසක් මෙරටට පැමිණීමට නියමිතව ඇත. එසේ පැමි‍ණෙන පුද්ගලයින් සියළුදෙනා ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළ නිරෝධායන කටයුතු සඳහා යොමු කිරීමට කටයුතු සූදානම් කර ඇත.

අද (11) දිනය තුළදී ද ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුලින් 115 දෙනෙකු තම නිරෝධායන කටයුතු අවසන් කර නිවෙස් වෙත පිටත්ව යාමට නියමිතව ඇත. ඒ අනුව, වැලිසර නිරෝධායන මධ්‍යස්ථානය තුලින් පුද්ගලයින් 49 දෙනෙකු, නිපුන බූස්ස නිරෝධායන මධ්‍යස්ථානය තුලින් පුද්ගලයින් 07 දෙනෙකු, මිහින්තලේ නිරෝධායන මධ්‍යස්ථානය තුලින් එක් පුද්ගලයෙකු (01), හොටෙල් ජෙට්වින් බීච් නිරෝධායන මධ්‍යස්ථානය තුලින් පුද්ගලයින් 40 දෙනෙකු, කොස්ගොඩ ෂෙරටන් හොටෙල් නිරෝධායන මධ්‍යස්ථානය තුලින් පුද්ගලයින් තිදෙනෙකු (03), සීගිරි විලේජ් නිරෝධායන මධ්‍යස්ථානය තුලින් පුද්ගලයින් 12 දෙනෙකු සහ හේකිත්ත නිරෝධායන මධ්‍යස්ථානය තුලින් පුද්ගලයින් තිදෙනෙකු (03) වශයෙන් නිරෝධායනය අවසන් කර ඇත.

අද (11) දිනය වනවිට පුද්ගලයින් 39,734 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර තම නිවෙස් වෙත පිටව ගොස් ඇත. එසේම, අද (11) දිනය වනවිට ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 59 ක් තුළ පුද්ගලයින් 6,206 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටියි. ඊයේ (10) දිනය තුලදී PCR පරික්‍ෂණ 1810 ක් සිදුකර ඇති අතර, මේ වනවිට ශ්‍රී ලංකාව තුළ PCR පරික්‍ෂණ 246,888 ප්‍රමාණයක් සිදුකර ඇත.

අද (11) දින උදෑසන 0600 වනවිට පුද්ගලයින් 09 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර එම පුද්ගලයින් 09 දෙනා අතරින් පුද්ගලයින් 07 දෙනෙකු විදේශයන්හි සිට මෙරටට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානයන්හී නිරෝධායන කටයුතු වල නිරතව සිටි පුද්ගලයින් වන අතර ඉතිරි පුද්ගලයින් දෙදෙනා (02) කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් ලෙස වාර්ථා වේ. එසේම, කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයට සම්බන්ධ පුද්ගලයින් 636 දෙනෙකු මේ වනවිට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත. දැනට එම මධ්‍යස්ථානයට සම්බන්ධව ප්‍රතිකාර ලබන සම්පූර්ණ කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් සංඛ්‍යාව 13 දෙනෙකු වේ. Running sport media | jordan Release Dates