Header

Sri Lanka Army

Defender of the Nation

08th September 2020 11:30:06 Hours

නිරෝධායන කටයුතු සම්පූර්ණ කළ තවත් පුද්ගලයින් 38,863 දෙනෙකු සිය නිවෙස් කරා පිටත්ව ගොස් ඇති බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය ප්‍රකාශ කරයි

අද (09) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාව තුලින් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් දාහත් දෙනෙකු (17) හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් 17 දෙනා අතරින් පුද්ගලයින් 09 දෙනෙකු කන්දකාඩු සහ සේනපුර මත්ද්‍රව්‍ය නිවාරණ, ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයට අදාළ රැඳවියන් වේ. ඉතිරි පුද්ගලයින් 08 දෙනා විදේශයන්හී සිට මෙරටට පැමිණි පුද්ගලයින් වන අතර ඔවුන් අතරින්, පෙරියකාඩු සහ පැල්වෙහෙර නිරෝධායන මධ්‍යස්ථාන්ගෙන් හමු වූ කුවේට සිට පැමිණි පුද්ගලයින් තිදෙනෙකු සහ බෙකන් බීච් සහ විඩත්තපලෙයි නිරෝධායන මධ්‍යස්ථානයන්ගෙන් හමු වූ කටාර් සිට පැමිණි පුද්ගලයින් 05 දෙනෙකු ලෙස වාර්ථා වන බව කොවිඩි-19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික මධ්‍යස්ථානය සඳහන් කරයි.

අද (09) දින උදෑසන වනවිට කන්දකාඩු සහ සේනපුර මත්ද්‍රව්‍ය නිවාරණ, ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයන්ට අදාළ සියළු ආසාදිතයින් සංඛ්‍යාව 649 දෙනෙකු වන අතර, ඔවුන්ගෙන් 528 දෙනෙකු පුනරුත්ථාපනය වන රැඳවියන් වන අතර, කාර්ය මණ්ඩල සාමාජිකයින් 67 ක්, ආගන්තුක කාර්ය මණ්ඩල සාමාජිකයින් 5 ක්, පවුලේ සාමාජිකයන් සහ සමීප මිතුරන් 48 දෙනෙකු සහ වැලිකඩ බන්ධනාගාරයේ දී ආසාදිත තැනැත්තා සමඟ සම්බන්ධතා පැවැත්වූ එක් පුද්ගලයෙකු වශයෙන් වාර්ථා වී ඇති බව එම මධ්‍යස්ථානය වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

අද (09) දින උදෑසන UL 282 දරණ මගී ගුවන් යානය මගින් සෞදි අරාබියේ සිට පුද්ගලයින් 238 දෙනෙකු, EK 648 දරණ මගී ගුවන් යානය මගින් ඩුබායි සිට පුද්ගලයින් 09 දෙනෙකු, QR 668 දරණ මගී ගුවන් යානය මගින් දෝහා කටාර් සිට පුද්ගලයින් 28 දෙනෙකු, 6E 9034 දරණ මගී ගුවන් යානය මගින් ඉන්දියාවේ චෙන්නායි සිට පුද්ගලයින් 29 දෙනෙකු සහ 6E 9901 දරණ මගී ගුවන් යානය මගින් ඉන්දියාවේ චෙන්නායි සිට පුද්ගලයින් 44 දෙනෙකු මෙරටට පැමිණ ඇත. එසේ පැමි‍ණෙන පුද්ගලයින් සියළුදෙනා ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළ නිරෝධායන කටයුතු සඳහා යොමු කිරීමට කටයුතු සූදානම් කර ඇත.

අද (09) දිනය තුළදී ද ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුලින් 136 දෙනෙකු තම නිරෝධායන කටයුතු අවසන් කර නිවෙස් වෙත පිටත්ව යාමට නියමිතව ඇත. ඒ අනුව, හොටෙල් ඩොල්ෆින් නිරෝධායන මධ්‍යස්ථානය තුලින් පුද්ගලයින් 07 දෙනෙකු, මීගමුව කැම්ලට් බීච් හොටෙල් නිරෝධායන මධ්‍යස්ථානය තුලින් පුද්ගලයින් 29 දෙනෙකු, මීගමුව කායා බීච් නිරෝධායන මධ්‍යස්ථානය තුලින් පුද්ගලයින් 13 දෙනෙකු, රාජගිරිය ආයුර්වේද නිරෝධායන මධ්‍යස්ථානය තුලින් පුද්ගලයින් දෙදෙනෙකු (02), පූනානි නිරෝධායන මධ්‍යස්ථානය තුලින් පුද්ගලයින් 65 දෙනෙකු, නොරොච්චෝලේ නිරෝධායන මධ්‍යස්ථානය තුලින් පුද්ගලයින් 04 දෙනෙකු, නිපුන බූස්ස නිරෝධායන මධ්‍යස්ථානය තුලින් පුද්ගලයින් 07 දෙනෙකු සහ හේකිත්ත ලාදුරු රෝහල් නිරෝධායන මධ්‍යස්ථානය තුලින් පුද්ගලයින් 09 දෙනෙකු වශයෙන් නිරෝධායනය අවසන් කර ඇත.

අද (09) දිනය වනවිට පුද්ගලයින් 38,863 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර තම නිවෙස් වෙත පිටව ගොස් ඇත. එසේම, අද (09) දිනය වනවිට ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 57 ක් තුළ පුද්ගලයින් 6,176 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටියි. ඊයේ (08) දිනය තුලදී PCR පරික්‍ෂණ 1560 ක් සිදුකර ඇති අතර, මේ වනවිට ශ්‍රී ලංකාව තුළ PCR පරික්‍ෂණ 242,984 ප්‍රමාණයක් සිදුකර ඇති බව ද එම මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කරයි.

අද (09) දින උදෑසන 0600 වනවිට පුද්ගලයෙකු (09) දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර පුද්ගලයින් (09) දෙනා අතරින් එක් පුද්ගලයෙකු (01) විදේශයන්හි සිට මෙරටට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානයන්හී නිරෝධායන කටයුතු වල නිරතව සිටි පුද්ගලයෙකු වන අතර ඉතිරි පුද්ගලයින් අට දෙනා (08) දේශීයව හඳුනාගත් කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් ලෙස වාර්ථා වෙනවා. එසේම, කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයට සම්බන්ධ පුද්ගලයින් 634 දෙනෙකු මේ වනවිට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත. දැනට එම මධ්‍යස්ථානයට සම්බන්ධව ප්‍රතිකාර ලබන සම්පූර්ණ කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් සංඛ්‍යාව 15 දෙනෙකු වේ. විදේශගතව සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් හැර වෙනත් කිසිදු ආසාදිතයෙකු දිවයිනේ කිසිදු ප්‍රදේශයකින් වාර්තා නොවන බැවින් සෞඛ්‍ය අංශ ලබාදී ඇති උපදෙස් නිසි ආකාරව පිළිපදිමින් මෙම වෛරසය සම්ප්‍රේශණය වීම වළක්වාගන්නා ලෙස එම මධ්‍යස්ථානය වැඩිදුරටත් ඉල්ලා සිටියි. (නිමාව) latest Nike Sneakers | Nike