Header

Sri Lanka Army

Defender of the Nation

10th September 2020 20:26:23 Hours

ඒකක අණදෙන නිලධාරි පාඨමාලාවෙහි ශිෂ්‍ය නිලධාරින්, යුද්ධ හමුදාධිපති සහ ප්‍රධාන මාණ්ඩලික නිලධාරින් හමුවෙති

බුත්තල නිලධාරි ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානයේ අංක 07 දරණ ඒකක අණදෙන නිලධාරි පාඨමාලාව හදාරණ ශිෂ්‍ය නිලධාරින් පිරිසක් ඔවුන්ගේ විෂයය මාලාවේ තවත් එක් අංගයක් වශයෙන් යුද්ධ හමුදා සැපයුම් ක්ෂේත්‍රය හා භටකාර්ය සම්පාදනය පිළිබඳ මනා දැනුමක් සහ වඩා පුළුල් අවබෝධයක් ලබාගැනීමේ අරමුණින් සදුදා (07) දින උදෑසන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඇතුළු ප්‍රධාන මාණ්ඩලික නිලධාරින් හමු වූ අතර, එහිදී එම ජ්‍යේෂ්ඨ නිලධාරීන් සමඟින් සුහද පිළිසඳරක නිරත වීමේ අවස්ථාව ද ඔවුන් වෙත උදාවිය.

එහිදි, යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ ප්‍රධානත්වයෙන් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් යුත් කමිටුවක් විසින් මෙම පාඨමාලාව හදාරණු ලබන ශිෂ්‍ය නිලධාරින් 23 දෙනා සමඟ සම්මුඛ සාකච්ඡා පවත්වා අණදීමේ උපාය මාර්ගයන් හා එම නිලධාරීන් පාඨමාලව තුල දී ලබාගත් දැනුම සඳහා තවත් කරුණු එක්කරන ලදී.

මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් රසික ප්‍රනාන්දු, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බළසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරාල් රුවන් වනිගසූරිය, හමුදා ලේකම් මේජර් ජෙනරාල් ජයශාන්ත ගමගේ, අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරාල් ප්‍රදීප් ද සිල්වා, මූල්‍ය කළමනාකරණ අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් චන්දන කුමාර හඳුන්මුල්ල, විධායක ජෙනරාල් මේජර් ජෙනරාල් සේන වඩුගේ, උපකරණ මාස්ටර් ජෙනරාල් මේජර් ජෙනරාල් දුමින්ද සිරිනාග, යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් මේජර් ජෙනරාල් ප්‍රසන්න චන්ද්‍රසේකර, අධ්‍යක්‍ෂ ජෙනරාල් පුහුණු මේජර් ජෙනරාල් නිශාන්ත හේරත්, නිලධාරි ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානයේ සේනාවිධායක මේජර් ජෙනරාල් ජයනාත් ජයවීර සහ පාඨමාලා උපදේශක (සම්බන්ධීකරණ) කර්නල් සුරේෂ් කුරේ සහභාගී වූහ. Best Sneakers | Jordan Shoes Sale UK