Header

Sri Lanka Army

Defender of the Nation

28th August 2020 09:00:36 Hours

නව ‘සංග්‍රාමික පා පැදි පාඨමාලාව’ සාර්ථකව නිමාවට පත්වෙයි

62 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ශාරද සමරකෝන් ගේ මූලිකත්වයෙන් යුද්ධ හමුදා සාමාජිකයන් වෙනුවෙන් නවතමයෙන් හදුන්වාදුන් ‘සංග්‍රාමික පාපැදි පාඨමාලාව’ අගෝස්තු මස 11 සහ 25 දක්වා කාළය තුළ හැලඹවැව 622 වන පාබල බලසේනා මූලස්ථානයේදී සාර්ථකව පවත්වනු ලැබීය.

මෙම පාඨමාලාව තුළින් පුද්ගලයෙකු වෙත ලබාදෙනු ලබන වගකීම් පිළිබඳ නිසි අවබෝධයක් ලබාදීම මෙන්ම අන් අයගේ ආරක්‍ෂාව තහවුරු කිරිම සඳහා අවම සම්පත් දායකත්වයක් යටතේ සටන්කිරිම, සහෝදරත්වය සහ කණ්ඩායම් හැගීමකින් ආත්ම විශ්වාසය පවත්වාගෙන යාම ආදී කරුණු මුල්කරගනිමින් පවත්වනු ලැබිණි. 62 වන පාබල සේනාංකය යටතේ ඇති 11 වන ගැමුණු හේවා බලකාය, 9 සහ 20 යන ගජබා රෙජිමේන්තු, 14 වන ශ්‍රී ලංකා පාබල හමුදා ඒකකය සහ 17 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුව නියෝජනය කරමින් යුද්ධ හමුදා භටපිරිස් 35 දෙනෙකු මෙම පුහුණු පාඨමාලාව සාර්ථකව හදාරනු ලැබීය.

623 වන පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ප්‍රභාත් කොඩිතුවක්කු ගේ අධීක්‍ෂණය යටතේ 2 වන විශේෂ බලකා රෙජිමේන්තුවේ පුහුණු උපදේශකයින් කණ්ඩායමක් විසින් මෙම සංග්‍රාමික පාපැදි පුහුණු පාඨමාලව සඳහා සිය උපදේශකත්වය ලබාදී ඇත.

පාඨමාලාවේ අවසන් දින විසිරයාමේ උත්සව අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ධම්මික ජයසිංහ සහභාගී වූ අතර, එහිදි භටපිරිස් විසින් සිත් ඇදගන්නා සුළු පුහුණු නිදර්ශනයන් පෙළක් ද ඉදිරිපත් කරනු ලැබිණි.

මෙම අවස්ථාවට සහභාගී වූ ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් 62 පාබල සේනාංකයේ අණදෙන නිලධාරී විසින් මෙම විශේෂ පාඨමාලාව හඳුන්වාදීමට පියවර ගැනීම පිළිබඳව ප්‍රශංසා කළ අතර එමඟින් එම ප්‍රදේශයේ රාජකාරී කරනු ලබන සියලුම සෙබළුන්ට අවශ්‍ය පුහුණුව ලබාදීමට කටයුතු සූදානම් කරන ලෙසට ද උපදෙස් ලබාදී ඇත.

මෙම පුහුණු පාඨමාලාවේ විසිරයාමේ උත්සවය වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථාන පරිශ්‍රයේදී පැවැත් වූ අතර, එම අවස්ථාව සඳහා බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගී වූහ. Sports Shoes | Air Jordan 5 Raging Bull Toro Brovo 2021 DD0587-600 Release Date Info , Iicf