Header

Sri Lanka Army

Defender of the Nation

28th August 2020 09:20:36 Hours

මැදපෙරදිග සිට මෙරටට පැමිණි තවත් පුද්ගලයින් දෙදෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බව කොවිඩ්-19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි

අද (28) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාව තුලින් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් දෙදෙනෙකු (02) හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් දෙදෙනා (02) එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ කුවේට් සිට මෙරටට පැමිණ පම්පේමඩු සහ පැල්වෙහෙර යන නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් ලෙසත් වාර්තා වේ. අද (28) දින උදෑසන වනවිට කන්දකාඩු සහ සේනපුර මත්ද්‍රව්‍ය නිවාරණ, ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයන්ට අදාළ සියළු ආසාදිතයින් සංඛ්‍යාව 639 දෙනෙකු වන අතර, ඔවුන්ගෙන් 518 දෙනෙකු පුනරුත්ථාපනය වන රැඳවියන් වන අතර, කාර්ය මණ්ඩල සාමාජිකයින් 67 ක්, ආගන්තුක කාර්ය මණ්ඩල 5 ක්, පවුලේ සාමාජිකයන් සහ සමීප මිතුරන් 48 දෙනෙකු සහ වැලිකඩ බන්ධනාගාරයේ දී ආසාදිත තැනැත්තා සමඟ සම්බන්ධතා පැවැත්වූ 01 පුද්ගලයෙකු වශයෙන් වාර්ථා වී ඇති බව කොවිඩ්-19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

අද (28) දින උදෑසන EK 648 දරණ මගී ගුවන් යානය මගින් ඩුබායි සිට පුද්ගලයින් විසි දෙදෙනෙකු (22) සහ QR 668 දරණ මගී ගුවන් යානය මගින් දෝහා සිට පුද්ගලයින් හතලිස් හත් දෙනෙකු (47) මෙරටට පැමිණ ඇත. එසේ පැමි‍ණි පුද්ගලයින් සියළුදෙනා ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළ නිරෝධායන කටයුතු සඳහා යොමු කිරීමට කටයුතු සූදානම් කර ඇත.

අද (28) දිනය තුළදී ද ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුලින් පුද්ගලයින් තුන්සිය අට දෙනෙකු (308) තම නිරෝධායන කටයුතු අවසන් කර නිවෙස් වෙත පිටත්ව යාමට නියමිතයි. ඒ අනුව, නිපුන බූස්ස නිරෝධායන මධ්‍යස්ථානය තුලින් පුද්ගලයින් දොලොස් දෙනෙක් ද (12), වැල්ලවත්ත හොටෙල් ඕෂෝ නිරෝධායන මධ්‍යස්ථානය තුලින් පුද්ගලයින් දෙසිය අසූ දෙනෙකු ද (280), හොටෙල් ජෙට්වින් බ්ලූ නිරෝධායන මධ්‍යස්ථානය තුලින් පුද්ගලයින් තිදෙනෙක් ද (03), හොටෙල් ජෙට්වින් සී නිරෝධායන මධ්‍යස්ථානය තුලින් පුද්ගලයින් දොලොස් දෙනෙකු (12) සහ රාජගිරිය ආයුර්වේද නිරෝධායන මධ්‍යස්ථානය තුලින් එක් පුද්ගලයෙකු (01) වශයෙන් වේ.

අද (28) දින උදෑසන 0600 වනවිට පුද්ගලයින් එකොලොස් දෙනෙකු (11) පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර එම පුද්ගලයින් එකොලොස් දෙනා (11) අතරින් එක් පුද්ගලයෙකු (01) විදේශයන්හි සිට මෙරටට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානය නිරෝධායන කටයුතු වල නිරතව සිටි කොවිඩ් - 19 ආසාදිත වූ පුද්ගලයෙකු මෙන්ම ඉතිරි පුද්ගලයින් (10) දෙනා දේශීයව හඳුනාගත් කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් ලෙස වාර්ථා වෙනවා. එසේම, කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයට සම්බන්ධ පුද්ගලයින් 604 දෙනෙකු මේ වනවිට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත. දැනට එම මධ්‍යස්ථානයට සම්බන්ධව ප්‍රතිකාර ලබන සම්පූර්ණ කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් සංඛ්‍යාව 35 දෙනෙකු වේ. (නිමාව) Best Authentic Sneakers | NIKE