Header

Sri Lanka Army

Defender of the Nation

27th August 2020 16:25:29 Hours

ආරක්‍ෂක ලේකම්තුමන් සිය ධූරයට අමතරව අභ්‍යන්තර ආරක්‍ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමණාකරන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ධූරයේ රාජකාරි කටයුතු ආරම්භ කරයි

මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා ආරක්‍ෂක ලේකම් ධූරයට අමතරව අද (26) දින පෙරවරුවේ නාරාහේන්පිට ප්‍රදේශයේ පිහිටි නිල මැදුර කාර්යාල පරිශ්‍රයේදී අභ්‍යන්තර ආරක්‍ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමණාකරන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වශයෙන් රාජකාරි කටයුතු භාරගනු ලැබිණි. මහා සංඝරත්නයේ ‘සෙත් පිරිත්’ සජ්ඣායනා මධ්‍යයේ මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න සංකේතාත්මක නිල ලේඛණයකට අත්සන් තබමින් නව ධූරයේ රාජකාරි භාරගැනීම සනිටුහන් කළේය.

මෙම අවස්ථාව සඳහා අභ්‍යන්තර ආරක්‍ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමණාකරන රාජ්‍ය අමාත්‍ය ගරු චමල් රාජපක්‍ෂ මැතිතුමන්, රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ගරු සරත් වීරසේකර මැතිතුමන්, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, ගුවන් හමුදාධිපතිතුමන්, වැඩබලන පොලිස්පතිතුමන්, සිවිල් ආරක්‍ෂක බළකායේ අණදෙන නිලධාරිතුමන්, ජාතික ශිෂ්‍යභට බළකායේ අණදෙන නිලධාරිතුමන්, ආරක්‍ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකයේ සභාපතිනි චිත්‍රානි ගුණරත්න මහත්මිය, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි සුජීවා නෙල්සන් මහත්මිය, ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙක් සහ එම අමාත්‍යාංශයේ මාණ්ඩලික නිලධාරින් කිහිපදෙනෙක් සහභාගී වූහ. මෙම උත්සවය අවසානයේ මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා මාධ්‍යවේදීන් සමඟ අදහස් කිහිපයක් ද හුවමාරු කරගනු ලැබීය.

මෙම අවස්ථාවට සහභාගී වූ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි සුජීවා නෙල්සන් මහත්මිය ආරක්‍ෂක ලේකම්තුමන් වෙත සමරු තිළිණයක් ද පිරිනමනු ලැබුවාය. Running Sneakers Store | adidas garwen spezial white shoes - New In Shoes for Men