Header

Sri Lanka Army

Defender of the Nation

26th August 2020 10:36:23 Hours

පුද්ගලයින් 7058 ක් නිරෝධායනය වෙමින් සිටින බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය ප්‍රකාශ කරයි

ශ්‍රී ලංකාව තුලින් අද (26) දින උදෑසන වනවිට කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 12 ක් හඳුනාගෙන තිබේ. එම පුද්ගලයින් 12 දෙනා අතරින් පුද්ගලයින් 11 දෙනෙකු ඉන්දියාවේ සිට මෙරටට පැමිණ පලාලි ශ්‍රී ලංකා ගුවන් හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ ද, අනෙක් පුද්ගලයා ඉන්දියාවේ සිට මෙරටට පැමිණ දඹුල්ල හොටෙල් පැරඩයිස් නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයන් බව වාර්තා වේ. අද (26) දින උදෑසන 06.00 වනවිට කන්දකාඩු සහ සේනපුර මත්ද්‍රව්‍ය නිවාරණ, ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයන්ට අදාළ සියළු ආසාදිතයින් සංඛ්‍යාව 629 දෙනෙකු වන අතර, ඔවුන් අතරින් පුද්ගලයින් 508 දෙනෙකු පුනරුත්ථාපනය වන රැඳවියන් වන අතර කාර්ය මණ්ඩල සාමාජිකයින් 67 දෙනෙක් ද, ආරාධිත කාර්ය මණ්ඩල සාමාජිකයින් 05 දෙනෙක් ද, පවුල් හා සමීපතමයින් 48 දෙනෙක් සහ වැලිකඩ බන්ධනාගාරයේ කොවිඩ් - 19 වෛරසය ආසාදිත වූ රැඳවියා ඇසුරු කළ එක් පුද්ගලයෙක් වශයෙන් වන බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර ඇත.

ඊයේ (25) දින රාත්‍රී UL 104 දරණ මගී ගුවන් යානය මගින් මාලදිවයිනේ සිට පුද්ගලයින් තිදෙනෙකු මෙරටට පැමිණ ඇති අතර අද (26) දින උදෑසන EK 648 දරණ මගී ගුවන් යානය මගින් ඩුබායි සිට පුද්ගලයින් 21 දෙනෙකු ද QR 668 දරණ මගී ගුවන් යානය මගින් දෝහා කටාර් සිට පුද්ගලයින් 17 දෙනෙකු ද, 6E 9034 දරණ මගී ගුවන් යානය මගින් ඉන්දියාවේ චෙන්නායි සිට සිවිල් නාවිකයින් 48 දෙනෙකු ද, UL 218 දරණ මගී ගුවන් යානය මගින් දෝහා සිට පුද්ගලයින් 277 දෙනෙකු සහ UL 1506 දරණ මගී ගුවන් යානය මගින් ජර්මනියේ සිට පුද්ගලයින් 102 දෙදෙනෙකු මෙරටට පැමිණ ඇත. එසේ පැමි‍ණි පුද්ගලයින් සියළුදෙනා ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළ නිරෝධායන කටයුතු සඳහා යොමු කිරීමට කටයුතු සූදානම් කර ඇත.

අද (26) දිනය තුළදී ද ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුලින් පුද්ගලයින් 228 දෙනෙකු තම නිරෝධායන කටයුතු අවසන් කර නිවෙස් වෙත පිටත්ව යාමට නියමිතව ඇත. ඒ අනුව, හොටෙල් ජෙට්වින් සී නිරෝධායන මධ්‍යස්ථානය තුලින් පුද්ගලයින් 51 දෙනෙක් ද, හොටෙල් ජෙට්වින් බ්ලූ නිරෝධායන මධ්‍යස්ථානය තුලින් පුද්ගලයින් 135 දෙනෙක් ද, හොටෙල් ජෙට්වින් බීච් නිරෝධායන මධ්‍යස්ථානය තුලින් පුද්ගලයින් 10 දෙනෙක් ද, කැරොලිනා බීච් නිරෝධායන මධ්‍යස්ථානය තුලින් පුද්ගලයින් 20 දෙනෙකු සහ රාජගිරිය ආයුර්වේද නිරෝධායන මධ්‍යස්ථානය තුලින් පුද්ගලයින් 12 දෙනෙකු වශයෙන් වේ. එසේම, අද (26) දිනය වනවිට පුද්ගලයින් 32,816 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර තම නිවෙස් වෙත පිටව ගොස් ඇත.

එසේම, අද (26) දිනය වනවිට ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 65 ක් තුළ පුද්ගලයින් 7,058 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටියි. ඊයේ (25) දිනය තුලදී PCR පරික්‍ෂණ 1580 ක් සිදුකර ඇති අතර, මේ වනවිට ශ්‍රී ලංකාව තුළ PCR පරික්‍ෂණ 211,090 ප්‍රමාණයක් සිදුකර ඇත.

අද (26) දින උදෑසන 0600 වනවිට පුද්ගලයින් 5 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර ඉන් පුද්ගලයින් තිදෙනෙකු විදේශයන්හි සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානයන්හී නිරෝධායන කටයුතු වල නිරතව සිටි පුද්ගලයින් වන අතර ඉතිරි පුද්ගලයින් දෙදෙනා දේශීයව හඳුනාගත් කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් ලෙස වාර්ථා වේ. ඒ අනුව, කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයට සම්බන්ධ පුද්ගලයින් 607 දෙනෙකු මේ වනවිට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත. දැනට එම මධ්‍යස්ථානයට සම්බන්ධව ප්‍රතිකාර ලබන සම්පූර්ණ කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් සංඛ්‍යාව 22 දෙනෙකු වේ. (නිමාව) jordan release date | Men’s shoes