Header

Sri Lanka Army

Defender of the Nation

24th August 2020 08:40:15 Hours

යාපනය ආරක්‍ෂක සේනා ආඥපතිතුමන් 55 වන සේනාංක මුලස්ථානයේ සංචාරයක

යාපනය ආරක්‍ෂක සේනා මුලස්ථානයේ නව ආඥාපති ලෙස පසුගියදා රාජකාරී ඇරඹු මේජර් ජෙනරාල් සෙනරත් බණ්ඩාර ඉකුත් ඉරිදා (23) දින කඩෙයිකාඩු ප්‍රදේශයේ ස්ථාපිත 55 වන සේනාංක මුලස්ථානයේ සංචාරය නිරත විය.

55 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් සිසිර පිලපිටිය විසින් සේනාංක මුලස්ථානය වෙත සපැමිණි නව ආඥාපතිතුමන් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

පසුව, සේනාංකාධිපතිතුමන් සේනාංකයේ කාර්යභාර්ය හා වගකීම් පිළිබඳ සවිස්තරාත්ම විස්තරයක් ඉදිරිපත් කරමින් නව ආඥාපතිතුමන් දැනුවත් කළේය.

ඉන් අනතුරුව, නව ආඥාපතිතුමන් 55 වන සේනාංකාය යටතේ සේවයේ නියුතු බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරීන් සහ භටපිරිස් අමතනු ලැබීය. Adidas shoes | Hats to Match Jordans Hyper Royal Bulls Hat