Header

Sri Lanka Army

Defender of the Nation

27th August 2020 15:34:30 Hours

ආරක්‍ෂක ලේකම් සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී මාධ්‍ය වෙත අදහස් දක්වයි

දීගම්පතාහ ප්‍රදේශයේ පිහිටි 53 වන සේනාංකයේ 25 වන සංවත්සර සැමරුමට සමගාමීව අද (24) දින උදෑසන පැවැති උත්සවයට සහභාගී වූ ආරක්‍ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න සහ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී හා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මාධ්‍ය වෙත අදහස් දක්වමින් ආරක්‍ෂක විධිවිධානයන සහ කොව්ඩ්-19 වෛරසය වැළැක්වීමේ කාර්යභාරය පිළිබඳ කරුණු අවධාරණය කළහ.

මාධ්‍ය නැගූ පැනයකට පිළිතුරුදෙමින් “ අද සිට නීතිවිරෝධී උපාංග, මත්ද්‍රව්‍ය, ආයුධ, නවීන උපකරණ ආදිය බන්ධනාගාර තුළට ගෙනයාම වැළැක්වීම සඳහා සියලුම ප්‍රධාන බන්ධනාගාරයන් වලට ඇතුල් වන ස්ථානවල විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් යොදවා ඇත. අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් මත බන්ධනාගාරවල ඇති සියලුම බුද්ධි ජාල එම නීති විරෝධී ක්‍රියාවන් මැඩපැවැත්වීම සඳහා සමීපව සම්බන්ධ වී කටයුතු කරනු ලබන අතර කැලෑබඳ ප්‍රදේශයන්හි ඇති ගංජා වගාකර ඇති ප්‍රදේශ සොයාගැනීමට ගුවන් හමුදාව යොදාගනු ලබන අතර එය වඩාත් ඵලදායී මෙන්ම වගාකරුවන් වෙත ලඟාවීම ඔවුන් අත්අඩංගුවට ගැනීම කඩිනමින් සිදුකළ හැකිවනු ඇත.” යැයි ආරක්‍ෂක ලේකම්වරයා පැවසීය.

කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මෙහිදී පැවසු පරිදි, අතිගරු ජනාධිපතිතුමාගේ මඟපෙන්වීම යටතේ සියලුම පාර්ශවකරුවන්ගේ අඛණ්ඩ උත්සාහය හේතුවෙන්, අප්‍රේල් මස 30 වන දිනෙන් පසු පසුගිය දින 50 තුළ සමාජයෙන් කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ කිසිවෙකු වාර්තා වී නොමැත. නමුත් වෛරසය මෙරට අවසන් වී ඇති බවක් එයින් අදහස් නොවේ. මේ දිනවල අපට හමුවන වෛරසය ආසාදනය වූවන් විදේශයන්හි සිට මෙරටට පැමිණි අය වන අතර ඔවුන් ශ්‍රී ලාංකිකයන් බැවින් අප ශ්‍රී ලාංකීකයන් ලෙස ඔවුන් ප්‍රතික්ෂේප කළ නොහැකිය.

“නමුත් සමහරු මැසිවිලි නඟන්නේ අප මෙරටට විදේශිකයන් රැගෙන නොඑන බවටයි. නමුත් සෑම දිනකම මෙරටට විදේශයන්හි සිට ශ්‍රී ලාංකීකයන් 300-400 ක් පැමිණෙන අතර නිරෝධායනය සඳහා යොමු කරනු ලැබේ. මේ වනවිටත් පුද්ගලයින් 7653 ක් රට පුරා ඇති නිරෝධායන මධ්‍යස්ථානවල සිටිති. ගුවන්යානා කාර්ය මණ්ඩලය පවා අවදානමට ලක්වුවද, ඔවුන් සියල්ලන්ම ඉතා ආරක්‍ෂිතව මෙරටට රැගෙන එනු ලබති . ”

“මීට පෙර අප ප්‍රායෝගික හේතුන් මත කාමර 100 කට වඩා වැඩි කාමර සහිත හෝටල් වෙත පමණක් විදේශියන්හි සිට පැමිණෙන්නන් නිරෝධායන සඳහා යොමුකළ අතර දැන් අපි එම විදේශිකයන් කුඩා පරිමාණ හෝටල් වෙත ද යොමු කිරීමට තීරණය කරන ලද්දේ ඔවුන්ට යම් ආර්ථික ගොඩනැගිමක් ලබා ගැනීමටය. ශ්‍රී ලාංකිකයින් විශේෂයෙන් නිවැරදි සෞඛ්‍ය උපදෙස් තවදුරටත් පිළිපදිමින් සීඝ්‍රයෙන් පැතිරෙන මෙම වෛරසයෙන් ආරක්‍ෂා විය යුතුය එය අප සැමගේම යුතුකමකී.” යනුවෙන් යුද්ධ හමුදාධිපතිතුමන් මෙහිදී පැවසීය. Sports Shoes | Mens Flynit Trainers