Header

Sri Lanka Army

Defender of the Nation

23rd August 2020 11:10:12 Hours

යාපනය ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් නාගදීප විහාරය වැඳපුදා ගනී

යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානයේ 24 වන ආඥාපති ලෙස අභිනවයෙන් රාජකාරි ඇරඹූ මේජර් ජෙනරාල් සෙනරත් බණ්ඩාර ඉකුත් සෙනසුරාදා (22) දින නාගදීප විහාරස්ථානය වැඳපුදා ගත් අතර එම විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් හමුවී උන් වහන්සේගේ ආශිර්වාදයන් ද ලබා ගත්තේය.

එදිනම, අරාලි තුඩුවේ සංචාරය කළ යාපනය ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් දිවංගත ලුතිනන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන්ගේ ස්මාරකය අභියසට පැමිණ ඊට පුෂ්පෝපහාර පුද කළේය.

මෙම සංචාරය සඳහා යාපනය ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් සමඟින් තවත් ජ්‍යේෂ්ඨ මාණ්ඩලික නිලධාරීන් කිහිප දෙනෙකු සහභාගී වූහ. Running sports | New Jordans – Air Jordan 2021 Release Dates , Gov