Header

Sri Lanka Army

Defender of the Nation

21st August 2020 13:17:08 Hours

51 වන සේනාංකයේ 24 වන සංවත්සරය අභිමානවත් අයුරින් සමරති

වර්ෂ 2020 අගෝස්තු මස 18 වන දිනට යෙදි තිබූ 51 වන සේනාංකයේ 24 වන සංවත්සරයට සමගාමීව කෝපායි ප්‍රදේශයේ ස්ථාපිත එම සේනාංක මූලස්ථාන පරිශ්‍රයේදී ලේ දන් දීමේ වැඩසටහනක් සංවිධානය කරනු ලැබිණි.

එම සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ලලිත් රත්නායක ගේ උපදෙස් මත මෙම වැඩසටහන සංවිධානය කරනු ලැබීය.

මීට සමගාමීව, 513 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් සමාත් ෆාරිස් ගේ මඟපෙන්වීම යටතේ 2020 අගෝස්තු මස 20 දින එම බලසේනාවේ භටපිරිස් විසින් ලේ දන්දිමේ වැඩසටහනක් සංවිධානය කරනු ලැබු අතර එම වැඩසටහන සඳහා නිලධාරීන් සහ සෙසුනිලයින් 115 දෙනෙකු ස්වෙච්ඡාවෙන් සිය රුධිරය පරිත්‍යාග කළහ. Sports Shoes | Yeezy Boost 350 Trainers