Header

Sri Lanka Army

Defender of the Nation

21st August 2020 13:27:08 Hours

ගැටබරු දේවාලයේ විශේෂ ‘පූජාවක්’ පවත්වමින් කොවිඩ් - 19 වෛරසය මුලිනුපුටා දැමීමේ කර්තව්‍යයට උරදුන් සියලු පාර්ශවයන්ට ආශිර්වාද කරයි

දෙණියාය ප්‍රදේශයේ පිහිටි සුප්‍රසිද්ධ ගැටබරු දේවාලයේ දායක සභාව විසින් කරන ලද ආරාධනයකට අනුව ඉකුත් අඟහරුවාදා (18) දින එහි සපැමිණි ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ ප්‍රධානත්වයෙන් විශේෂ බෝධි පූජාවක් සිදුකරමින් මාතෘභූමියට, අතිගරු ජනාධිපතිතුමන්ට, කොවිඩ් - 19 වසංගතය මෙරටින් තුරන් කිරීම වෙනුවෙන් නන් අයුරින් කැපකිරීම් සිදුකරනු ලබන සන්නද්ධ හමුදා සාමාජිකයින් සහ සිවිල් වැසියන් ඇතුළු සියළු පාර්ශවකරුවන්ට ආශිර්වාද එක් කළහ.

ගැටබරු විහාරය වැඳපුදාගැනීම සඳහා සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන් වෙත විහාරයේ විහාරාධිපති පූජ්‍ය කිරින්දේ ආනන්ද ස්වාමින් වහන්සේ විසින් පිච්ච මල් වට්ටියක් පිළිගැන්වීමෙන් අනතුරුව විහාරාධිපති හිමියන් විසින් කෙටි ‘අනුශාසනාවක්’ සිදුකරමින් කොවිඩ් - 19 වෛරසය දිවයිනෙන් තුරන් කිරීමේ සඳහා කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඇතුළු වෛද්‍ය ක්‍ෂේත්‍රයේ සියළු සාමාජිකයින්, මහජන සෞඛ්‍ය පරික්‍ෂකවරුන්, ත්‍රිවිධ හමුදා සාමාජිකයින්, පොලිස් නිලධාරින් සහ වෛද්‍ය කාර්ය මණ්ඩලය සිදුකරනු ලබන අඛණ්ඩ සහ වෙහෙසකර කැපවීම සිහිපත් කරමින් රටට ආශිර්වාද ප්‍රාර්ථනා කරන ලදී.

එසේම, අනතුරුව දේවලයේ පැවැති ‘පූජාව’ අතරතුර ද දේවාලයේ කපුමහතා විසින් කොවිඩ්-19 වෛරසය මුලිනුපුටා දැමීමේ කටයුතු වල නිරතව සිටින සියළු පාර්ශවකරුවන්ට එම කටයුතු ඉදිරියටත් අඛණ්ඩව කරගෙන යාමට අවශ්‍ය ශක්තිය, ධෛර්යය ලැබේවායි ප්‍රාර්ථනා කරමින් ආශීර්වාද කළේය.

මෙම පූණ්‍ය කටයුතු අවසාන වීමට ප්‍රථම, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මෙදින උත්සවය සඳහා වැඩමවා වදාළ භික්‍ෂූන් වහන්සේලාට ‘පිරිකර’ පූජාකරනු ලැබීය. Running sport media | New Balance 991 Footwear