Header

Sri Lanka Army

Defender of the Nation

11th August 2020 14:00:29 Hours

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සේවා වනිතා ඒකකයේ මූලිකත්වයෙන් එම රෙජිමේන්තුවේ ආබාධිත රණවිරුවන්ට කෘතීම පාද පරිත්‍යාග කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න මහතාගේ අනුග්‍රාහකත්වයෙන් ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ ආබාධිත රණවිරුවන් පස්දෙනෙකු වෙත කෘතිම පාද බෙදාදීමේ උත්සවයක් ඉකුත් සෙනසුරාදා (08) දින අඹේපුස්සේ පිහිටි එම රෙජිමේන්තු මුලස්ථානයේ දී පැවැත්විණි.

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු සේවා වනිතා ඒකකයේ සභාපතිනි ඉන්දු සෙනෙවිරත්න මහත්මිය මෙම පරිත්‍යාගය අගය කරමින් වෛද්‍ය බලධාරීන් හා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ සාකච්ඡා කර ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ ආබාධිත රණවිරුවන් අතරින් වඩාත් සුදුසු රණවිරුවන් තෝරා ගැනීමට ද සහාය විය.

3 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි මේජර් ඩබ්ලිව්.ඒ.එම් රන්තිලක ගේ සම්බන්ධීකරණයෙන් පවත්වන ලද මෙම වැඩසටහන සඳහා ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ධම්මික දිසානායක, නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් දුලිත් පෙරේරා, එම රෙජිමේන්තුවේ සේවා වනිතා ඒකකයේ සභාපතිනි රෝහිණි දිසානායක, දිමුත් කරුණාරත්න මහතාගේ පවුලේ සමාජිකයින් සහ තවත් නිලධාරින් රැසක් සහභාගී වූහ.

තවද, මෙම අවස්ථාවට ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මෙන්ම බටහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජයන්ත සෙනෙවිරත්න සහභාගී විය. jordan release date | Jordan Ανδρικά • Summer SALE έως -50%