Header

Sri Lanka Army

Defender of the Nation

10th August 2020 13:50:02 Hours

කන්කසන්තුරේ පිහිටුවන ලද ‘උපයෝගිතා මධ්‍යස්ථානයට’ නවක සිසුන් බඳවාගැනීම වෙනුවෙන් ලියාපදිංචි කිරීම් කටයුතු ආරම්භ කරයි

කන්කසන්තුරේ ප්‍රදේශයේ වෙසෙන දරිද්‍රතාවයෙන් පෙළෙන ළමුන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් යාපනයේ අභිනවයෙන් පිහිටුවන ලද ‘උපයෝගිතා මධ්‍යස්ථානයේ’ අධ්‍යාපනික පුහුණු වැඩසටහන් සඳහා සිසුන් ලියාපදිංචි කිරීමේ කටයුතු ඉකුත් බ්‍රහස්පතින්දා (06) දින සිට ආරම්භ කර තිබේ.

මෙම මධ්‍යස්ථානයේ ප්‍රථම අදියර යටතේ සිසුන්ට ඉංග්‍රීසි හා සිංහල භාෂා පාඨමාලා, ගණිතය, සෞන්දර්යාත්මක අධ්‍යනයන්, යෝග අභ්‍යාස ව්‍යායාම මෙන්ම තොරතුරු තාක්‍ෂණ පාඨමාලා සඳහා එම උපයෝගිතා මධ්‍යස්ථානයේ නවක සිසු සිසුවියන් ලියාපදිංචි කිරීම් කටයුතු දැන් ආරම්භ වී තිබේ. එමෙන්ම, එහි පැවැත්වෙන සියලුම පාඨමාලා සම්බන්ධීකරණය හා මෙහෙයවීම ‘Vidhu Trust’ පදනම සහ තෙලිපාලෙයි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් ප්‍රදේශයේ ප්‍රවීණ ගුරුවරුන්ගේ සහ උපදේශකයින්ගේ සහයෝගය මත සිදුකරනු ලබයි.

කන්කසන්තුරේ හා ඒ ආශ්‍රිත ප්‍රදේශයන්හී තරුණ තරුණියන්ගේ අධ්‍යාපනික හා සෞන්දර්යාත්මක කුසලතාවයන් වඩාත් ඔප්නැංවීමේ අරමුණින් යුතුව යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසූරිය හඳන්වාදුන් සංකල්පයකට අනුව යුද්ධ හමුදාව මගින් මෙම මධ්‍යස්ථානය ආරම්භ කරනු ලැබීය.

මෙම ලියාපදිංචි කිරීමේ අවස්ථාව වෙනුවෙන් වන උත්සව අවස්ථාවට යාපනය ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන්, තෙලිප්පලෙයි ප්‍රාදේශීය ලේකම්, 51 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන්, ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් මෙන්ම එම උපයෝගිතා මධ්‍යස්ථානයේ ලියාපදිංචි වීම සඳහා පැමිණ සිටි නවක සිසු සිසුවියන් පිරිසක් ද සහභාගී වූහ. Nike air jordan Sneakers | Gifts for Runners