Header

Sri Lanka Army

Defender of the Nation

10th August 2020 13:53:02 Hours

මව්බිම වෙනුවෙන් දිවි පුදා දැයෙන් සමුගත් වීරෝධාර රණවිරුවෙකුගේ නිවසක් ප්‍රතිසංස්කරණය කිරීමට 5 වන ශ්‍රී ලංකා සංඥා බලකායේ භටපිරිස් කටයුතු කරයි

5 වන ශ්‍රී ලංකා සංඥා බලකායට අනුයුක්තව සේවයේ යෙදී සිටියදී වර්ෂ 2009 පෙබරවාරි මස 09 වන දින විශ්වමඩු ක්‍රියාන්විතයේදී එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයකින් ජීවිතය අහිමි වූ ලාන්ස් කෝප්‍රල් ඊ.ආර්.පී.කේ එදිරිමාන්න රණවිරුවාගේ සේවය අගයමින් කෑගල්ලේ පිහිටි එම රණවිරුවාගේ නිවස 5 වන ශ්‍රී ලංකා සංඥා බලකායේ භටපිරිස්හී තාක්‍ෂණික සහය ඇතිව සම්පූර්ණයෙන් ප්‍රතිසංස්කරණය කර ඔහුගේ දෙමාපියන් වෙත පසුගිය දිනක භාරදෙනු ලැබීය.

නවීනතම අංගෝපාංගයන්ගෙන් සමන්විතව ප්‍රතිසංස්කරණය කරන ලද නව නිවස භාරදීම වෙනුවෙන් පැවති කෙටි උත්සවයකදී 5 වන ශ්‍රී ලංකා සංඥා බලකායේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් ඩී.එම්.අයි.එස්. බණ්ඩාර විසින් රණවිරුවාගේ දෙමාව්පියන් වෙත එම නිවස භාරදෙන ලදී.

ශ්‍රි ලංකා සංඥා රෙජිමේන්තුවේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් ප්‍රභාත් දෙමටන්පිටිය ගේ උපදෙස් මත එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මූල්‍යාධාර ඇතිව ආරම්භ කළ මෙම නිවස අළුත්වැඩියා කිරීමේ ව්‍යාපෘතිය දින 12 ක් වැනි කෙටි කාල සීමාවක් තුළ සාර්ථක අයුරින් නිම කිරීමට 5 වන ශ්‍රී ලංකා සංඥා බලකායේ භටපිරිස් සමත්විය.

ප්‍රතිසංස්කරණය කරන ලද නිවස එම රණවිරුවාගේ දෙමාපියන් වෙත භාරදීමේ උත්සව අවස්ථාව වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් සහ අසල්වාසීන් පිරිසක් ද සහභාගී වූහ. latest Nike release | Nike Air Max 270