Header

Sri Lanka Army

Defender of the Nation

10th August 2020 10:30:02 Hours

ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා සේවා වනිතා ඒ‍කකයේ ප්‍රධානත්වයෙන් දිවංගත වීරෝධාර රණවිරුවාට ආශීර්වාද එක්කරයි

දැයෙන් සමුගත් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ප්‍රශංසනීය වීරෝධාර සෙන්පතියෙකු වූ ලුතිනන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව රණවිරුවාගේ 28 වන ගුණානුස්මරණ පිංකම් මාලාවට සමගාමීව පිං අනුමෝදන් කිරිමේ වැඩසටහනක් ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය - සේවා වනිතා ඒකයේ මූලිකත්වයෙන් ඉකුත් සෙනසුරාදා (8) දින ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා රෙජිමේන්තු මූලස්ථානයේදී පවත්වනු ලැබීය.

ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා රෙජිමේන්තු මූලස්ථානයේ පැවති මෙම විශේෂ ‘බෝධි පූජා’ පිංකම සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස දිවංගත රණවිරුවාගේ ආදරණීය බිරිඳ වන ලලී කොබ්බෑකඩුව මහත්මිය සහභාගී වූ අතර, තවද, එම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා සේවා වනිතා ඒකකයේ සභාපතිනි පියුමාලි තිලකරත්න මහත්මිය ඇතුළු සේවා වනිතා එ්කකයේ සාමාජිකාවන්, නිලධාරීන් හා සෙසුනිලයන් මෙන්ම පවුලේ ඥාතීන් පිරිසක් ද සහභාගී වූහ. Sport media | Nike Air Force 1 Shadow White/Atomic Pink-Sail For Sale – Fitforhealth