Header

Sri Lanka Army

Defender of the Nation

11th August 2020 15:00:29 Hours

රට වෙනුවෙන් දිවි පූජා කළ ශ්‍රේෂ්ඨ හමුදා සෙන්පතියන්ගේ ගුණ සැමරුමක් අරාලි තුඩුවේදී පැවැත්වෙයි

මවුබිමේ ඒකීයභාවය වෙනුවෙන් සිය දිවි පූජා කළ ශ්‍රේෂඨතම දිවංගත හමුදා සෙන්පතියන් අනුස්මරණය කිරීම වෙනුවෙන් විශේෂ ගුණසැමරුම් උත්සවයක් ඉකුත් සෙනසුරාදා (08) දින යාපනය අරාලි තුඩුවේදී පැවැත්වුණු අතර එහිදී, 1992 වසරේ අගෝස්තු මස 08 දින අරාලි තුඩුව හරහා ජීප් රථයක ගමන් ගනිමින් සිටියදී බෝම්බ ප්‍රහාරයකට ලක්වීමෙන් ජීවිතක්‍ෂයට පත්වූ එම යුගයේ සිටි අතිදක්‍ෂතම හා ශ්‍රේෂ්ඨතම දිවංගත හමුදා සෙන්පතියන් වන ලුතිනන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව සහ කීර්තිමත් ගජබා රෙජිමේන්තුවේ නිර්මාතෘවරයා මෙන්ම එවකට මේජර් ජෙනරාල්වරයෙකු වූ විජය විමලරත්න ඇතුළු රියර් අද්මිරාල් මොහාන් ජයමහ, ලුතිනන් කර්නල් එච්.ආර්. ස්ටීවන්, ලුතිනන් කර්නල් ජී.එච් ආරියරත්න, ලුතිනන් කර්නල් වයි.එන් පලිපාන, කමාන්ඩර් අසංග ලංකාතිලක, ලුතිනන් කර්නල් නලින් ද අල්විස්, ලුතිනන් කමාන්ඩර් සී.බී. විජේපුර යන ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ සාමාන්‍ය සෙබල ඩබ්ලිව්.ජී වික්‍රමසිංහ යන රණවිරුවන් අනුස්මරණය කෙරිණි.

මේ අනුව, යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය විසින් 28 වන වරටත් සංවිධානය කරන ලද එම රණවිරු ගුණසැමරුම් උළෙල, සිය ධූරයෙන් නික්ම යාමට නියමිත යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසූරිය ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මෙම අනුස්මරණ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි මේජර් ජෙනරාල් රුවන් වනිගසූරිය, අරාලි තුඩුවේ පිහිටි රණවිරු ස්මාරකය අභියස පුෂ්පෝපහාර පුද කරමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉතිහාසයේ නොමැකෙන පරිච්ඡේදයක් වෙනුවෙන් සිය නාමයන් රන් අකුරින් එක්කළ එකී දිවංගත ශ්‍රේෂ්ඨ රණවිරුවනට සිය උපහාරය පුද කළේය. යුද්ධ හමුදා බියුගල් අනුස්මරණ නාදයන් මධ්‍යයේ එම රණවිරු ස්මාරකය පාමුල තැන්පත් කළ පුෂ්පෝපහාරයන් හමුවේ එම ශ්‍රී ලාංකික ශ්‍රේෂ්ඨ පුතුන්ගේ මතකයයන් යලිත් ආවර්ජනය විය.

ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ කර්නල් සේනාවිධායක තුමන්ගේ ප්‍රධානත්වයෙන් හා එම රෙජිමේන්තුවේ නිලධාරීන් ඇතුළු විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැති හමුදා සම්ප්‍රදායානුකූල උත්සවයකදී අනුරාධපුර නගර මධ්‍යයේ පිහිටි දිවංගත ලුතිනන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව ගේ පිළිරුව අභියස පුෂ්පෝපහාරයන් සිදුවෙමින් පවත්වන ලද අතර එම සැමරුම් උත්සවයට සමගාමීව දිවංගත ලුතිනන් ජෙනරාල් කොබ්බෑකඩුව ගේ ආදරණීය බිරිඳ වන ලලී කොබ්බෑකඩු මහත්මියගේ සහභාගීත්වයෙන් ඉකුත් සෙනසුරාදා (8) දින ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා රෙජිමේන්තු මූලස්ථානයේදී විශේෂ බෝධි පූජා පිංකමක් පැවැත්විණි.

අරාලි තුඩුවේ පැවැති මෙම අනුස්මරණ උත්සවය සඳහා යුද, නාවික සහ ගුවන් හමුදා නිලධාරීන් ඇතුළු සෙසුනිලයින් පිරිසක්ද සහභාගී වූහ. Running sneakers | nike